IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


රට බීම කම්හලට මඩකළපුවේ විරෝධය

ජවුෆර් ඛාන් 
මඩකලපුව කල්කුඩාවේ ඉදි කෙරෙන මත් පැන් කර්මාන්තශාලාවට විරෝධය පාමින් මඩකලපුව මහත්මා ගාන්ධි උද්‍යානය ඉදිරිපිට අද (8)  දී උද්ඝෝෂණයක් පැවැත්විණ.
යහ පාලන ජාතික පෙරමුණ මෙය සංවිධානය කළේය.
මෙවැනි මත් ද්‍රව්‍යන් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ඉදි කිරීමට නැගෙනහිර ජනතාව දැඩි විරෝධය දක්වන බව ජාතික පෙරමුනේ සභාපති එම්.එම්.අබ්දුල් රහුමාන් මහතා පැවසීය.

අවසානයේ උද්ඝෝෂකයෝ මඩකළපුව දිසාපති පී.එස්.එම්.චාල්ස් මහත්මියට සංදේශයක් ද බාරදුන්හ.



අදහස් (16)

රට බීම කම්හලට මඩකළපුවේ විරෝධය

nihaal Saturday, 08 April 2017 08:31 AM

මිනිසුනේ ඔය රටබීම කම්හල හදන්නේ මහා බැංකුවෙන් හොරාකාපු අපේම මුදල්වලින්. ඉතින් එක ජාතික වස්තුවක්නේ අයි මේ උද්ඝෝෂණ....

:       2       108

vernon Saturday, 08 April 2017 08:39 AM

මත්පැන් ස්කාගාරයට විරුද්ධයි, එතකොට හරක් මරණවට විරුද්ධ නැද්ද?

:       161       168

roshanSaturday, 08 April 2017 03:48 PM

මෝඩකම පෙන්නන්න එපා. හරක් මරණ එක පුද්ගලික දෙයක්. සුරාව හින්ද මුළු රටම ජාතියම විනාස වෙනවා. ඊලග දරු පරම්පරාව විනාස වෙනවා. තාත්ත බේබද්දෙක් නං පුතා කුඩ්ඩෙක් වෙනවා.

:       2       49

nimallalitha Saturday, 08 April 2017 09:12 AM

කව්රු කලත් වැඩේ නම් හරියටම හරි. මොවුන් සිංහලයන් නොවන නිසා ඔවුන්ගේ විරෝධය පිළිගෙන, මෙම මත් වතුර කර්මාන්ත ශාලාව සිංහලයන් සිටින ප්‍රදේශයකට එවීමට යහපාලන, සිංහලයාට මාරු පාලන රජය ත්‍යාගශීලී වීමට ඉඩ ඇත.

:       0       171

රත්නායක Saturday, 08 April 2017 10:03 AM

හොරාකාපු සල්ලිවලින් අඩුමතරමෙ රටට හොඳ නිෂ්පාදනයක් බිහිකරල විදේශ විනිමය ගේන්නවත් උත්සාහයක් කළානම් ටිකක් වත් හිත හදාගන්න තිබුණා. නුඹලා රට විපතින් තවත් විපතකට ගෙනයාම රටට දැරිය නොහැක.

:       0       119

susantha Saturday, 08 April 2017 10:03 AM

ආ... උතුරු නැගෙනහිරනම් ඉතින් 2-3 දෙනෙක් උද්ඝෝෙෂණ කලත් එක රැයින් විසඳලා දෙනවනේ. ඒ පළාත්වල නම් උද්ඝෝෂකයින්ට පුදුම අාදරෙන්නේ සලකන්නේ පොලිසියත්. මෙහෙනම් උද්ඝෝෙෂණවලට පොලිස් උසාවි නියෝග, කඳුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් පාරවල් කොච්චර සාධාරණ ඉල්ලීම් උණත්....

:       2       95

anil Saturday, 08 April 2017 10:05 AM

මහා බැංකුව කොල්ල කාපු සල්ලිවලින් කොටසක් අර කොතේ ඡන්ද වැඩට තියාගෙන ඉතුරු කොටස බොහොම බුද්ධිමත්ව ආයෝජනය කරනවා මේ අය මොනවා උනත් - මාධ්‍ය ජාලයක්, මත්පැන් කර්මාන්ත ශාලා...

:       145       135

menna Saturday, 08 April 2017 02:51 PM

බැනර් වල එක සිංහල වචනයක් පේන්න නැහැ. මේක ලංකාවද? මොනවද මේ වෙන්නේ?

:       1       6

roshanSaturday, 08 April 2017 03:51 PM

සිංහල මිනිස්සු කවදද අරක්කු වලට විරුද්ධ වුනේ.

:       0       14

menna Saturday, 08 April 2017 02:54 PM

ලංකාවට මොකටද මහත්මා ගාන්ධි උද්‍යානයක්. ලංකාවේ වීරයෝ ඉඳල නැද්ද? උද්‍යානයක්වත් නම් කරන්න. මොනවද? මේ වෙන්නේ

:       0       11

menna Saturday, 08 April 2017 02:58 PM

කහ ඉරි සුදු කරනවා කියල ඔයිට කලින් පත්තරේක දැක්ක. මඩකලපුවේ තාමත් කහ ඉරි සුදුවෙලා නැහැ වගේ. ඉතින් කොහෙද? බැනර් සිංහලෙන් හදන්නේ... කියන දෙයක් තේරෙන මනුස්සයෝ නැහැ වගේ....

:       0       13

roshan Saturday, 08 April 2017 03:43 PM

අරක්කු වලට විරුද්ද වෙන්න කොන්දක් තියෙන්නේ මුස්ලිම් සහෝදරයන්ට විතරයි. අද අපේ සිංහලයා අරක්කු බෝතලේට ළමයත් විකුණයි.

:       0       39

roshan Saturday, 08 April 2017 03:50 PM

මේක සිංහල මිනිස්සු ඉන්න පැත්තක දැම්ම නං අයිතිකාරයට ඡන්දෙන් දිනන්නත් පුළුවන්.

:       0       16

nimallalitha Sunday, 09 April 2017 02:31 AM

1980 දසකයේදී සුදු ඉරි කහ ඉරි බවට පත් වුයේ හේතුවක් ඇතිව. එහෙත් උතුරු නැගෙනහිර සිංහල නැතිවෙන්නේ ජාතිවාදය මුල් කරගෙන.

:       0       24

bamunu Sunday, 09 April 2017 08:33 PM

මොන ඉටිගේඩියකටද අරක්කු වලට විරුද්ධ වන්නේ බොන මිනිහ බීපුවදෙන් අනික් අය නිකන් හිටියම ඉවරනේ.

:       0       0

Nandalal de Silva - France Tuesday, 11 April 2017 04:48 PM

රට බීම කම්හලට මඩකළපුවේ විරෝධය පාන්නේ, එහෙම එකක් ඒ පළාතේ පිහිටෙව්වොත් නීති විරෝධී කසිප්පු වගේ මත්වතුර නිෂ්පාදකයන්ට ඉන් මරු පහරක් වැදී, ඔවුන්ගේ ආදායම කඩා වැටෙන නිසා බව සක්සුදක් වගේ මේ උද්ඝෝෂණ වලින් පැහැදිලි වෙනවා නේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27336 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18176 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10879 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 634 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 191 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 845 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site