විනීතා එම් ගමගේ
ඉතිහාසයේ කිසිදු අවස්ථාවක රටේ ආරක්ෂාව මේ තරම් පහළ අඩියකට නො වැටුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය.
එහි ඇති ඉතාම කණගාටුදායක තත්ත්වය වත්මන් ජනාධිපතිවරයා තම රජය තුළම සිරකරුවකු බවට පත්වීම යැයි ද හෙතෙම සඳහන් කළේය.
රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව නැති කිරීමේ සැළසුම් සහගත කුමන්ත්‍රණ පිළිබඳ මේ වනවිට රටේම කථා බහට ලක්ව ඇතැයි කී පීරිස් මහතා මේ චෝදනාවට ලක්වන්නේ පොලිසියේ ඉහළම තනතුරක් දරණ නිලධාරියෙක් වීම මෙහි දී අවධානය යොමු කළ යුතු කරුණක් යැයි ද කීය.
මේ චෝදනාවට අදාළ පොලිස් නිලධාරියා ගේ යැයි කියන හඬ පට සැබැවින්ම ඔහුගේ හඬ බවට රස පරික්ෂක වාර්තාව නිකුත් වී ඇතැයි වාර්තා වන බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම කියා සිටියේය.
මේ සිද්ධියට සම්බන්ධ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා නායකත්වය දුන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ගිනි අවි දෙකක් නිකුත් කර ඇති බවත් එම අංශයට කිසිසේත්ම ගිනි අවි අවශ්‍ය නොවන බැවින් එය සැක සහිත බවත් කී මහාචාර්යවරයා එය හිටි අඩියේ අතුරුදන් වීම තවත් ගැටලූ සහගත බවත් කියා සිටියේය.
COMMENTS
එ්ක තමයි අපි කියන්නේ කොන්දක් තිබෙන ඝෝඨාභය වගේ කෙනෙක්ව ජනාධිපති කරන්න කියලා...
රටේ ආරක්ෂාව විතරක් නොවෙයි.. ආර්ථිකයත් බිමටම කඩා වැටිලා. දෙලක්ෂ පනස්දාහක් රටට කරපු නස්පැත්තිය....
ඔය පක්ෂ නායකත්වය තව කී දවසක් තියෙයිද පඬිතුමනි? ඕන වෙලාවට නායකකම ගන්න නේද අර මන්ත්‍රීතුමා පක්ෂයක් හදලා කියන දෙයක් අහන සුභර කීකරු කෙනෙක්ව නායකකමට දාගෙන වැඩ කරගෙන ගියේ ඇයි? දැන් තේරෙනවා නේද මන්ත්‍රීතුමාගේ දුර දක්නා නුවණේ තරම? දැන් වැඩේ වෙන්නේ මෙහෙමයි. ඒකාබද්ධ විපක්ෂය අතර ඇති කර ගන්නා සභාගයක් හරහා එජාපයත් රනිල් වික්‍රමසිංහවත් ආණ්ඩු බලයෙන් පන්නා දමා හිටපු ජනාධිපති රාජපක්ෂ, භාරකාර ආණ්ඩුවේ අගමැති කරනවා. ඒ වැඩපිළිවෙළම ඊළඟ ජනාධිපතිවරණයටත් යනවා. ඒ ජනාධිපතිවරණයේදී සිරිසේනට සහය වෙන්න රාජපක්ෂට පුළුවන්. ඊළඟට එන පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජපක්ෂට සහාය වෙන්න සිරිසේනට පුළුවන්. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ආණ්ඩුවේ ප්‍රධාන චරිතය වෙන්නේ අගමැතිවරයා කියන එක ජනාධිපති සිරිසේන දැනටමත් කියලයි තියෙන්නේ. ඒක නිසා, හිටපු ජනාධිපතිවරයාට ඔහුට අවශ්‍ය තැන ලැබෙනවා. ඊට පස්සේ සිද්ධවෙන හරිය ඉතිහාස පොත්වල ලියැවෙනවා ඇති.
ඔය කට්ටිය ඉද්දි මහජන ආරක්ෂාව තිබුණේ කොහෙද? සූරාකන රටක් තමයි තිබුණේ. කාගේ හරි ලේ බීලා සල්ලි හොයන්නයි පුරුදු කරලා තිබුනේ. ඡන්ද දින්නේ කුඩු, එතනෝල් සහ ගංජා ව්‍යාපාරවලින්. පාසල් යන ළමුන්ට පවා ඉගෙන ගන්න සල්ලි හොයන්න සැලසුම් කලේ දුරාචාරයේ ගොසින්... එහෙම නේද? දැන් මේවායින් රට ගලෝගන්න හරි අමාරුයි. තවත් ජනතාව රවටන්න හදන්න එපා... කොහොම තිබුණු රටක්ද මේක සධාම් හුසේන් ඉරාකයට කල විනාශයට එහා ගිහින්...
ඒ කියන්නේ අපේ සිරිලා ආපහු අර හොරුන්ට, මිනීමරුවන්ට රට දෙන්න හදනවා කියන එකද? මොනවා කරන්නද සිරිල් කැමති එ්කට නම් දීලදාන්න.
ඔව් ඔව් අපි බමුණා කියන විදියට සහෝදර සමාගමේ හොර වැඩකරන අයෙකුට රට දෙමුකෝ.
ලංකාවේ විශ්‍රාම යන්නේ නැති එකම රස්සාව දේශපාලනයයි.