ත්‍රස්තවාදයට උදවු සපයන බවට චෝදනා කරමින් සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය කටාර් රාජ්‍යය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නතර කර දැමීමට අද (5) තීරණය කළේය.
ලොව පැරැණිතම ඉස්ලාමීය ව්‍යාපාරය වන ‘මුස්ලිම් සහෝදරත්වයට’ කටාරය සහාය දෙන බව සඳහන් කරමින් සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය යන රටවල් මෙම සාමූහික තීරණය ගෙන තිබේ.
එමෙන්ම කටාර් රාජ්‍යය සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය යන රටවල් සමඟ අමනාපයෙන් සිටින ඉරානයට ද සහාය දක්වන බවට අදාළ රටවල් චෝදනා කරයි.
අදාළ රටවල් හතර කටාරය සමඟ තිබෙන සියලු ප්‍රවාහන සබඳතා නවතා දැමීමට තීරණය කර ඇති අතර අදාළ රටවල සිටින කටාර් සංචාරකයන්ට සහ සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය යන රටවල පදිංචි වී සිටින කටාර් ජාතිකයන්ට අදාළ රටවලින් පිටවීමට සති දෙකක කාලයක් දී තිබේ.
කටාරය කලාපයේ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට උපකාර කරන බවට චෝදනා කරන සෞදි අරාබිය කටාර් රාජ්‍ය එරට රජයට අයත් චන්ද්‍රිකා රූපවාහිනි ප්‍රවෘත්ති නාලිකාවක් වන අල් ජසීරා පුවත් සේවය ඔස්සේ ප්‍රචණ්ඩකාරී මූලධර්මවාදී මතවාද ප්‍රචාරණය කරන බවටත් චෝදනා කර තිබේ.
“කටාරය අයි.එස් ත්‍රස්තවාදීන්ට, අල් කයිඩාවට සහ මුස්ලිම් සහෝදරත්වය ආදී ත්‍රස්ත සංවිධානවලට ආධාර සපයනවා, උපකාර කරනවා. ඔවුන් ඔවුන්ගේ මාධ්‍ය හරහා මූලධර්මවාදී අදහස් ප්‍රචාරය කරනවා” යැයි සෞදියේ රාජ්‍යය රූපවාහිනි පුවත් සේවය වන ‘එස්.පී.ඒ’ නිවේදනය කළේය.
එමෙන්ම කටාරය ඉරානයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායම්වලට ද සහාය දක්වන බවට චෝදනා කර ඇත.
කටාරය මේ නිවේදන හෝ ප්‍රකාශ හෝ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් හෝ ප්‍රකාශයක් නිල වශයෙන් කර නොතිබිණි. ඉරානයට හෝ ත්‍රස්තවාදයට සහාය දක්වන බවට මීට පෙර එල්ල වී තිබූ චෝදනා කටාරය ප්‍රතික්ෂේප කළේය.
රොයිටර් 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞදි අරාබිය වෙන රටකට ත්‍රස්තවාදය ගැන චෝදනා කරනවා නම් තියෙන්නේ ඉතින් අපිට වඩා වැඩියෙන් උදව් කරාට විරුද්ධ වෙන එක තමා...
කලින් පළවූ මැදපෙරදිග ප්‍රවෘත්ති බලන්න. එතකොට තේරෙයි පිටපස්සේ ඉන්නේ කවුද කියලා..
ඇමෙරිකානු ජනපතිගේ වර්තමාන සෞදි සංචාරය නිසා ඇති වූ අතුරු ප්‍රතිඵලයකි.
සෞදි අරාබිය තමයි ත්‍රස්තවාදී මුලධර්මවාදී මුලස්ථානය... දැන් බොරුවට කටාර් රජයට චෝදනා කරනවා. මෙතන සම්පුර්ණයෙන්ම තියෙන්නේ කටාර් රාජ්‍යය දියුණු වෙනවා බලන් ඉන්න බැරි ඉරිසියාව තමයි. පිරිසිදු ඉස්ලාම් දහමේ කොතැනකවත් මේ වගේ ජරා වැඩ කියාදී නැහැ.