(සිරංගිකා ලොකුකරවිට)
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය සම්බන්ද අවධානය අඩුවීම නිසා රටපුරා ඩෙංගු රෝගය පැතිරීමේ දැඩි අවදානමක් පවතින බව රජයේ සෞඛ්‍ය කීටවිද්‍යා නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙතෙක් කරන ලද කීට විද්‍යා සමීක්ෂණවලින් මේ බව තහවුරු වී ඇතැයි ද රටතුළ බොහෝ කටයුතු අකර්මණ්‍යව ඇතත් කීට විද්‍යා සමීක්ෂණ කාර්යයන් නවතා දමා නැතැයි ද එම සංගමය වැඩිදුරටත් පවසයි.
රජයේ සෞඛ්‍ය කීටවිද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජයමිණි මිගෙල්හේවා මහතාගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කර ඇත.
ඔහු පවසන්නේ කොරෝනා වසංගතය ගැන සියලු දෙනාගේ අවධානය යොමු වී ඇති මේ කාලයේ ඩෙංගු රෝගය බෝකරන මදුරුවන්ගේ ගහණය ඉතා විශාල ලෙස වැඩිවෙමින් පවතින බවයි. එබැවින් නුදූරු දිනවල දී ම ඩෙංගු රෝගය රටපුරාම පැතිරීයාමේ දැඩි අවධානමක් පවතින බව හෙතෙම පවසයි.
ඔවුන් පවසන්නේ මේ වනවිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන නගර ආශ්‍රිතව ඩෙංගු කීටයන් බහුලව හමුවන බවයි. එබැවින් කඩින් කඩ වැසි ඇතිවීම හා මැයි මාසයේ වැසි සහිත කාලගුණයත් හේතුවෙන් ඉතා වේගයෙන් ඩෙංගු පැතිරීම සිදුවන බැවින් මේ සඳහා සියලු දෙනා දැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍ය බව ද එම සංගමය පෙන්වා දෙයි.
රට තුළ දැනට උද්ගතව ඇති තත්ත්වය හමුවේ වුව ද කීට විද්‍යා සමීක්ෂණ සිදුකිරීම නවතා නොමැති බැවින් තම නිලධාරීන් නිවෙස්වලට පැමිණෙන බව සංගමය පවසයි. එවැනි අවස්ථාවක දී කොරෝනා රෝග තත්ත්වය හේතුවෙන් නිරෝධායනයට ලක්ව සිටින අය සිටීනම් ඒ බව කීට විද්‍යා සමීක්ෂණ නිලධාරීයාට පවසන ලෙසත් අවශ්‍ය සහයෝගය තම නිලධාරීන්ට නොපමාව ලබාදෙන ලෙසත් රජයේ සෞඛ්‍ය කීටවිද්‍යා නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටියි.
කොරෝනා වසංගතය හේතුවෙන් නිවසේ රැඳී සිටීමට ලැබී ඇති කාලයෙන් උපරිම ප්‍රයෝජන ගෙන තම නිවෙස් අවට ඇති ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන ලෙසත් වැසි ජලය පිරෙන භාජන ඇතුළු සියලු දේ වැසි ජලය එකතුවීමට නොහැකි තත්වයට පත්කරන ලෙසත් රජයේ සෞඛ්‍ය කීටවිද්‍යා නිලධාරීන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
2025 නොවැම්බර් මස 04
448
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රටපුරා ඩෙංගු පැතිරීමේ අවදානමක්
Nuwan Monday, 23 March 2020 06:27 AM
අර ඩෙංගු මර්ධන බැක්ටීරියාව කරුණාකරලා මුදාහරින්න.