IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රජරට වකුගඩු රෝගයේත් මධ්‍යම ඇමරිකාවේ තත්ත්වයේත් සමානතා

(විනීතා එම් ගමගේ)

මධ්‍යම ඇමරිකානු කළාපයේ පැතිර යන වකුගඩු රෝගය හා ශ්‍රී ලංකාවේ රජරට ඇතුළු ප‍්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු රෝගය සමාන ලක්ෂණ සහිත එකම රෝගයක් බවට තහවුරු වී ඇතැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා ප‍්‍රකාශ කරයි.

මේ ගැන පර්යේෂණයක් ස්වීඩනයේ දී කළ බවත් ඒ සඳහා රෝගින්ගේ වකුගඩු පටක ඇසුරු කරගෙන නිරික්ෂණ කළ බවත් වෛද්‍යවරයා පවසයි. දෙරටේම ඇති වකුගඩු රෝගයේ ලක්ෂණ සමාන බවට හෙළී වී තිබුනත් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කෙරෙන පර්යේෂණ සිදු නොවීය. 

ලබන 21 සිට 23 වැනි දා දක්වා මෙක්සිකෝවේ මෙක්සිකෝ නගරයේ පැවැත්වෙන වකුගඩු රෝගය පිළිබඳ ලෝක සමුළුවේදී මෙම පර්යේෂණය ගැන පත‍්‍රිකාවක් ඉදිරිපත් කරන්නට  බලාපොරොත්තු වන බව ද වෛද්‍යවරයා කියයි.  රටවල් 129 ක නියෝජිතයින් සහභාගි වන මෙම ලෝක සමුළුව සඳහා ශ්‍රී ලංකාවෙන් ආරාධනා ලැබී ඇත්තේ ජයසුමන මහතාට පමණි.



අදහස් (3)

රජරට වකුගඩු රෝගයේත් මධ්‍යම ඇමරිකාවේ තත්ත්වයේත් සමානතා

Diluk Monday, 10 April 2017 12:18 PM

රාජකාරිය හරියට කරනවානම් එක පුද්ගලයෙක් ගියත් මොකද වෙන්නේ ?..සේනාවක් යන්නම ඕනේ වෙලාද මන්දා ....

:       55       0

ධම්ම Monday, 10 April 2017 12:28 PM

කාටද ? ආඩම්බර..

:       0       3

ප්‍රසන්න Monday, 10 April 2017 01:27 PM

ගොඩක් අය මේ ලෙඩේ ගැන කෑ ගහනවා විතරයි. මෙන්න මේ වගේ ඇත්ත වැඩක් කරන එක තමයි සැබෑ විද්වතුන්ගේ වගකීම.

:       0       70

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site