(ඩේලි මිරර් ඇසුරිනි - 055)
ආණ්ඩුව ජෝන් ද සිල්වා සමරු රඟහල විකිණීමේ උත්සහායක නිරත වී සිටින බව සමාජවාදී කලා සංගමයේ කලාකරුවෝ පවසති.
ජෝන් ද සිල්වා සමරු රඟහලේ අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය රුපියල් මිලියන දහසක මුදලක් නැති බව පවසමින් මෙලෙස රඟහල විකිණීම සම්බන්ධයෙන් ආණ්ඩුව අවධානය යොමු කර ඇතැයි ද ඔවුහු චෝදනා කරති.
ජනාධිපතිධුරයට පත්වූ විගස ජෝන් ද සිල්වා සමරු රඟහලේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වුවද මේ වනවිට ආණ්ඩුව රඟහල විකිණීමට සූදානම් වන කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ප්‍රවීණ රංගනශිල්පී දීපානි සිල්වා මහත්මිය කියයි.
නෙළුම් පොකුණ රඟහලේ නාට්‍ය දර්ශනය කිරීමේ වියදම නාට්‍යකරුවන්ට දැරිය නොහැකි බවත් වසර හතරක තිස්සේ එල්ෆින්ස්ටන් රඟහලා වසා දමා ඇති බවත් නාට්‍යවේදී ප්‍රේමරත්න තෙන්නකෝන් මහතා පවසයි.
මේ අතර ලුම්බිණි රංග ශාලාවේද අවශ්‍ය පහසුකම් නොමැති බව වාර්තා වේ.
COMMENTS
තමන්ගේ නිර්මාණ වලට මැස්සො පිරෙනවා. ජනතාවට රස විඳින්න පුළුවන් නිර්මාණ කරනවා නම් ප්‍රවේශපත්‍ර විකුණගන්න පුළුවන්. එතකොට ශාලාවේ කුලිය ප්‍රශ්නයක් නෙවෙයි. ලෝකේ කොහේවත් නැති සමාජවාදයක් ඔලුවට ගහලා දැන් ඒක කෑකෑරලා.
ලගදීම ටවර් රගහලත් වහන ලකුණු තීයෙනවා
කළාකරුවන්ට උදව් කරන්නට බැරි වුනාට මන්ත්‍රිවරුන්ට කෝටි ගණන් වටිනා වාහන ගේන්නට ආණ්ඩුව සල්ලි තියෙනවා. මෙයින් පෙනී යන්නේ අද ආණ්ඩුව මහජනයාගේ අවශ්‍යතාවයට වඩා තමන්ගේ අවශ්‍යතාවන්ට මුල්තැන දෙන බවයි.
නිගන්ටනාතපුත්ත කිව්වලු ණයට හෝ ගිතෙල් කන්න කියල
හායි දීපානි, ඔයගොල්ලෝ වේදිකා ගානේ බෙරිහන් දීල නේද මේ ආණ්ඩුව පත් කර ගත්තේ. රැවටුනා නේද? දැන් ලැජ්ජයිද?
ඈවරයී. දැවරයී. සීගිරියත් ළඟදීම වෙන්දේසියේ තියෙයී. කළුගල් වලට හරි විකුනයී.