(විනීතා එම්  ගමගේ)

රාජ්‍ය අංශය වෙනුවෙන් ක‍්‍රියාත්මක කෙරෙන ප‍්‍රසූත නිවාඩු ක‍්‍රමය පෞද්ගලික අංශය වෙනුවෙන් ද ක්‍රියාත්මක කිරිම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා ප‍්‍රකාශ කරයි.

මේ  වන විට ඒ සඳහා වන පනත් කෙටුම්පත් සංශෝධනය අරඹා ඇතැයි ඒ මහතා පවසයි. 
රාජ්‍ය අංශයට වැඩ කරන දින 84 ක් ඇතුළුව සහනදායි ප‍්‍රසුත නිවාඩු ඇතත් පෞද්ගලික අංශයට ඇත්තේ ඊට  වඩා අඩු නිවාඩුවක් බවත් මෙම දෙපිරිසටම සම අයිතිවාසිකම් ලබාදීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා කීවේය.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (06) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.