(ඉන්දිකා රාමනායක)
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවස පොලීසිය විසින් සෝදිසියට ලක්කරමින් පවතියි.
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (04) දහවල් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව මන්ත්‍රීවරයාගේ නිවස පරීක්ෂා කරන බව පොලිසිය කියයි.
රජය අපහසුතාවයට පත්වන අන්දමේ ප්‍රකාශ, දුරකතන සංවාද හා ඡායාරූප ඇතුළත් දෘඩ තැටියක් (Hard Disk) හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සිද්ධිය සිදුකෙරේ.
රජය අපහසුතාවයට පත්වන අන්දමේ මෙවන් සීඩී සහ දෘඩ තැටි එම නිවසේ තවදුරටත් සඟවා ඇතිද යන්න පරීක්ෂා කිරීම සඳහා කොළඹ දකුණ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් වැඩිදුරටත් සොදිසිකිරීමේ කටයුතු ක්‍රියාත්මක කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිගේ ප්‍රතිරූපය විනාශ කරන්න නීතීය භාරව ඉන්න අය කරන වැඩක් වෙන්න බැරිද මේ. ඉස්සෙල්ලා දෙන්නෙක් අරන් ආණ්ඩුව ලැජ්ජාවට පත්කරා. නීතිපති දෙපාර්තමේන්තුවේ අය එකතුවෙලා දැන් ආයෙත් ඒ වගේම නාඩගමක්.
කටවල් වහලා ගෙනියන්න හදන ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන අපි අසා නැත. ඔයිට වඩා හොද නැද්ද එළවලු මිල අඩු කිරීම පිළිබදව සමීක්ෂණයක් කළානම්..........ඊයේ කතාවේ මේවද විනාඩි 35 ක් තිස්සේ කියෙව්වේ. යන්නේ කොහෙද මල්ලේ පොල් .71/88/89 කැරැල්ල පටන් ගත්තද කියලත් හිතුවද කොහෙද? දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ.
"රජය අපහසුතාවයට පත්වන අන්දමේ ප්‍රකාශ, දුරකතන සංවාද හා ඡායාරූප" මෙහි අදහස කට සහ ඉතිරි දේ වහගෙන දෙන දෙයක් කාලා හිටපල්ලා කියල නේද ??
රණවක සහ සේනාරත්න නාට්‍යය පටන්ගත්ත ගමන් අවසන් උනා. දැන් රාමනායක නාට්‍යය පටන් ගෙන වගෙයි.
මෝඩ චූන් වැඩ නවත්තලා රටට වැඩදායි වැඩක් කරානම් තමා හොද. ප්‍රිය සම්භාෂණ වලදී අතට අත දෙනවා. පස්සේ අල්ලපන් කියනවා. මොකක්ද මේ පළිගැනීම් දේශපාලනය?
දැන් නම් පැහැදිලියි අලුත් ආණ්ඩුව යන්න හදන්නේ කොයි පාරේද කියලා......
රනිල් මහත්තයා ගෙන් අවසර ගන්න ඇති ? එයාම කිව්වද කවුද දන්නේ ?
යකෝ, පාස්කු ප්‍රහාරයේ මරුවන් අල්ලනවා කියලා නේද බලය ගත්තේ? දැන් මේ නටන පිස්සුව මොකද්ද?
මානසික ප්‍රතිකර්මයක් කළ යුතුයි.
විරුද්ධ පාක්ෂිකයන් දඩයම් කිරීමේ මෙහෙයුම නියමෙට කෙරීගෙන යන බවට තවත් උදාහරණයක්...! ඔහොම ගිහින් මීළඟ ගොදුර කවුද කියා බලා ඉම්මු.
ආණ්ඩුවේ ගොන් වැඩ...
ආණ්ඩුව අපහසුතාවයට පත් නොකළ යුතුයි කියලා නීතියක් තියෙනවාද ? මේවා නිකම් බාල වැඩ.
රජය අපහසුතාවයට පත්කරන කුමන්ත්‍රණ සාර්ථකයි. රන්ජා තමයි මිනිහා.
මේවා ඔක්කොම නාඩගම්. සති අන්තයේදීත් විරුද්ධවාදීන් අල්ලනවා. ඊළඟ සතියේ නිදහස්. රටේ ප්‍රශ්න මේවද ? රජයකට කරන්න වැඩ තියෙද්දි පොලීසිය මේවට යැව්වම අනෙක් රාජකාරී කරන්න බෑ. රට අගාධයට යන්නේ. වැඩ බැරි පාලකයෝ වැඩ පෙන්නන්නේ මේවගෙන්ද?