ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් විසින් මීට ස්වල්ප වේලාවකට පෙර රාජගිරිය ගුවන් පාලම විවෘත කරන ලදි.
සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ පීත්ත පටිය කපා නව ගුවන් පාලම විවෘත කිරීම ජනාධිපති සහ අගමැති අතින් සිදු විය. ගුවන් පාලම ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
ස්පාඤ්ඤ සමාගමක් සහ දේශීය සමාගමක් එක්ව 2016 වසරේ ගුවන් පාලමේ ඉදිකිරීම් ආරම්භ කළ අතර වැයකර ඇති මුදල රුපියල් මිලියන 4700 කි.
මංතීරු හතර බැගින් වූ ගුවන් පාලම දිගින් මීටර් 534 ක් වන අතර මීටර් 180 ක පිවිසුම් මාර්ගයක් ද ඊට ඇතුළත්ය. මීට සමගාමීව අවට මාර්ග රුසක් සංවර්ධනය කෙරෙන අතර නාරාහේන්පිට දෙසට ගමන් කිරීම සදහා විකල්ප මාර්ගයක් මෙන්ම බුත්ගමුව දෙසට වන මාර්ගය මංතීරු 03 ක් සහිතව සංවර්ධනය කිරීමට නියමිතය.
ඉහළ නවීන තාක්ෂණය යොදාගනිමින් ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකර තිබෙන පාලම යකඩ මත කොන්කි‍්‍රට් අතුරා ලංකාව තුළ ඉදිකළ ප්‍රථම ගුවන් පාලම ලෙස ඉතිහාසයට එක්වෙයි.
එහිදී පැවැති උත්සව සභාව අමතමින් ජනපති ප්‍රකාශ කළේ ඉකුත් වසර 03 තුළ වත්මන් රජය ජනතාව වෙනුවෙන් රට තුළ ගෙන ගිය සංවර්ධන වැඩපිළිවෙළේ කඩිනමින් නිම කෙරුණු තවත් එක් සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස මෙම ගුවන් පාලම හඳුන්වාදිය හැකි බවයි.
ජනවාරි 8 වැනිදා දේශපාලන විප්ලවයට නායකත්වය දුන් සුවිශේෂී චරිතයක් වන මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ නමින් මෙම ගුවන් පාලම නම් කිරීම සුදුසු බවද ජනපතිවරයා මෙහිදී යෝජනා කළේය.
අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, චම්පික රණවක, වජිර අබේවර්ධන, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහ රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.





(ඡායාරූප - ඉෂාන් සංජීව)
COMMENTS
ඒක හරිම හොඳයි.
මේකත් පසුගිය රජයෙන් පටන් ගත්ත එකක් නෙ. වැඩ නවත්තන්නෙ නැතුව කළාට ස්තුතියි
නුවන් කවූරු කලත් ඔය වියදම් කරන මුදල් මහජන මුදල් එක හොඳට තේරුම් ගන්න.
ජනතාවගේ මුදල්.
නුවන් ඔයා කියන විදියට මුකුත් කරන්න බැරිවෙනව මේ රජයට. කක්කුස්සියක් හැදුවත් කියයි ඕව ඉස්සෙල්ල රජයෙනුත් කලා කියලා.
නුවන්, දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්න පටන් ගත්තේ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය. මාර්ගය හදන්න ඉඩම් පවර ගන්න කොට මිනිස්සු චන්ද්‍රිකා රජයට විරුද්ධව උද්ඝෝෂණ කළා "අධිවේගී මරුවා අපට එපා" කියල. හැබැයි මාර්ගය හදපු එක ගැන කියන කොට චන්ද්‍රිකාගේ නම වත් කියන්නේ නැහැ. නෙලුම් පොකුණත් පරණ නොමෑන්ඩ්ස් පිටියේ හදපු එකත් එහෙම්මම තමා.
නොමේරු මිනිසුනි, 2016 පටන්ගත් මෙය මාස 20 කින් නිමකළ බව නොදැනීම ගැන අපට ඇත්තේ කනගාටුවක් පමණි.
මොනවා කලත් පහුගිය ආණ්ඩුව පටන් ගත්තු ඒවා කියන මෙහෙමත් වහල්ලු ඉන්න රටක් . රනිල් ,මෛත්‍රී, මහත්තයෝ මේ වගේ වහල්ලු ඉන්න රටක පිරිසිදු දේශපාලනේ කරලා වැඩක් වෙන් නැ. වහාම පෙනේ පුප්පල ලක්ෂ 62 බලය පෙන්නන්න ඕන කාලේ හරි.
පක්ෂ පාට බේදයකින් තොරව හොඳ දේ අගය කල යුතුය. සම්මුතියට අනුව, මහජන මුදලින් මාස 20ක් පමණ වූ කාලයකින්, මෙම පාලම සැදීම ගැන අප රජයට (පවතින රජයට වැඩි වශයෙන් හා පෙර රජයටත් ඇතුලත්ව) ඉස්තුතිවන්ත වෙමු.
මැ.කො. කියපු විදියට රාජගිරියේ පාලමේ දැන්වීමක් ගහල තියෙනවද "මෙය ජනතා බදු මුදලින් ඉදි කරනලදී " කියලා? ඊයෙත් කිසිම හිරිකිතක් නැතිව යු.එන්.පී සංවත්සරය සජීවීව ප්‍රචාරණය කලා.
අැත්තටම ගුවන්පාලම තාම හදලා ඉවර නෑ. කොහොමත් තව සෑහෙන කාලයක් යනවා. ඒකෙන් වෙන්නේ ඉතිරි වැඩටික අයාලේ යනවා. ඡන්දෙ ලඟනේ. ඒකයි හදිස්සිය...
ඕපන් කල එක හොඳයි. එ්ත් අද උදේ තිබුණු ට්‍රැෆික් එක කියලා වැඩක් නැහැ. මිනිස්සුන්ට කරදර නොවන විදියට කලා නම් තමයි හොඳ... අනික ඊයේ දවසෙත් මේ පාලම හද හදනේ හිටියේ.
නුවන් වෙත නුවන් විසින් ටිකක් හොයලා බලලා කතා කරන්න මහත්තයෝ...
ඔය කට්ටිය කවුරුත් දන්නේ නැහැනේ... ඕක හදලා තියෙන්නේ යකඩ වලින් නිසා කාලයක් යන කොට හරියට නඩත්තු නොකොළොත් දිරාපත්වෙන කතන්දරේ. මොකද ඕක හදන්න නියම වෙලා තිබුණේ කොන්ක්‍රීට් වලින්. අනික පාලම දෙකොනෙන් කොටස් අඩු කරලා පාලම කොට කරලා දඩි බිඩියේ ඔය හැදුවේ... මේ අය තමනුත් ලොකු වැඩ කළා කියලා ඡන්දෙට පෙන්නන්න.
එච්.එස්.බී.සී. එක ලඟ පාර වහගෙන පිස්සු නටනවා. ඉතින් ට්‍රැෆික් අඩු කරන්න පුළුවන්ද?
හරි දේ හරි කියන්න දන්නේ නැති, හැම දේම දේශපාලන පාට කණ්ණාඩි වලින් බලන අමන රැලක් ඉන්න රටක් මේක....
මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ව මතක්වෙලා තියෙන්නේ ඡන්දේ නිසා වෙන්නට ඇති...
අනේ මචන්ලා ඕවට රණ්ඩු වෙන්න එපා.
ඉස්සෙල්ලා රජයෙන් කරපු සෙල්ලම් ඔක්කම කලේ මහජන මුදල් වලින්.... එක පවුලක් විසින් අනිසි ලෙස උපයා ගත් වත්කම්, විමර්ශන අංශය විසින් අනාවරණය කරගත් මුදල කෝටි 32000.00. හොයා ගන්න බැරි දේවල් කොපමණද දන්නේ නැහැ. ඒවාට නඩු වැටෙන එකක් නැහැ පක්ෂය දිනවන්න ඕන නිසා. මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ නම පාලමට යොදන එක නෙමේ කෙරෙන්න ඕනෑ... එතුමාගේ සංකල්පය, පක්ෂ පාට නොබලා රටට වැඩ කිරීම, දූෂිතයන්ගෙන් රට බේරාගෙන යහපත් සමාජයක් ගොඩනැගීම.... දෙයියෝ සාක්කි...
පහුගිය රජයෙන් කරපු වැඩ තමන් කළා කියලා ලකුණු දාගන්න දඟලන ලොක්කො ඉන්න රටක, එවැනි ලොක්කන්ව වර්ණනා කරන්න නිවටුන් ඉන්න රටක, මහ බැංකුව සුද්ද කරපු හොරුන්ට පිරිසිදු දේශපාලනය කරන්න කියලා කියන ඕලමොට්ටලයෝ ඉන්න රටක දේශපාලනය කරලා නම් වැඩක් නැහැ තමයි.
මැතිවරණ කොමසාරිස්තුමා, මේක ඡන්ද නීතිය උල්ලංඝනය කිරීමක් නෙමේද?
පාලමකට හිමිනමකගේ තබා ගිහියකුගේ නමක් වත් තැබීම එතරම් යෝග්‍ය නැහැ. මාවතකට ජලාශයකට නම් එහෙම නම් කිරීම සාමාන්‍යයෙන් සිදුවෙනවා.
අදත් ඔය බ්ලොක් එක එහෙම්ම තිබුණා.... පාලමෙන් සිදු උනේ කොටා පාරට හැරෙන වාහන පසුවෙන් එපාරට හැරුණ එකයි. නමුත් කොටා පාරට හැරෙන වාහන ප්‍රමාණය බොහොම සුළුයි. වාහන බ්ලොක් එක තිබෙන්න හේතුව පාරවල් ගණනාවකින් ප්‍රධාන පාරට වාහන ඇතුළු වීමයි. එය පාලනය කොරන්න සක්කරයාගේ පුතා වයිමා ටවත් බැරිය. අපි මේපාරේ උදේ සවස යන මිනිස්සු හැටියට බ්ලොක් ඇතිවන්නේ කොහොමද ඇයි අපි වාහන නවතා ගෙන සිටින්නේ කියන අවබෝධය අපිට තිබෙනවාය. අපි වාහන නවතා ගෙන සිටින්නේ තලවතුගොඩ සිට එනවාහන දියත හන්දියෙන් , පිටකෝට්ටේන් එන වාහන, බුත්ගමුව පැත්තෙන් එන වාහන, IDH එකපත්තෙන් එනවාහන කුරෙ මාවතින් එන වාහනවලට ප්‍රධාන පාරට එන්න ඉඩ දෙන්න. මෙහෙම නවත්තුවාම පාර බ්ලොක් වෙන්නේ නැද්ද? මේවා විසදන්න බැරි ප්රශ්නය. බස් ලෙන් වෙන් කළා කෝ දැන් ඒවා? අද උදේ හැම ලෙන් එකේම හැම වාහනයක්ම යනවා දැක්කා. මමත් ගියා.