(නිමන්ති රණසිංහ)
අධික වේගයෙන් කැබ් රථ දෙකක් පදවා රාජගිරිය සිල්වා පටුමගේ දී අනතුරක් සිදුකළැයි කියන කොළඹ ජනප්රියතම පිරිමි විදුහලක 18 හැවිරිදි සිසුන් දෙදෙනකු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් චන්දන කලංසූරිය මහතා අද(14) නියෝග කළේය.
එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප මත මෙසේ මුදා හැරුණේ මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින නාවල හා කලපළුවැව රාජගිරියේ පදිංචි සිසුන් දෙදෙනෙකි.
COMMENTS
කටේ කිරි සුවඳ නොගිය කොල්ලන්ට උද්ධච්චකමට වාහන දීපු දෙමවුපියන්ටත් දඬුවම් දිය යුතුයි. අර මැරුණු දක්ෂ සිසුවාගේ ජීවිතය ඒ දෙමාපියන්ට ආපහු ලබා දෙන්න පුලුවන්ද?
ඔය දරුවෝ දෙන්නා කැකිරාව, හබරණ, කතරගම.... ඔන්න ඔයවගේ ගමක වුනානම් රක්ෂිත බන්ධනාගාර ගතකරලා රටටම ඇහෙන්න ලොකු අවවාදයකුත් කරනවා. ඒවා වෙන්නේ එහෙම තමයි. සල්ලි තියන කෙනාට, පෙනුම තියන කෙනාට, බලය තිබෙන කෙනාට සැලකිල්ල අනුකම්පාව වැඩියි. කොතරම් හොද කෙනෙක් වුනත් ඉරුණ කලිසමක් රබර් සෙරෙප්පු දෙකක් දාපු අවුවට පිච්චුණ ගමේ කෙනාව පෙනෙන්නේ හොරෙක් කපටියෙක් රස්තියාදුකාරයෙක් වගේ. කොලබ කෙනෙක් මැරුණම රටම අඩනවා. ගමේ කෙනා මැරුනම ඒක තවත් නිවුස් එකක් විතරයි.
එහෙම කියන්න එපා.හැම දරුවොම දරුවෝ.පාසලයි වැරදි.මොකද ළමයිව රාත්රී වෙනකම් පාසලේ වැඩ වලට නවත්තගත්තු එක.සිදුවුණා දෙයට ඒ ලයිව නිදහස් කරපු එකට මම අම්ම කෙනෙක් විදියට සතුටු වෙනවා. හැම දෙයම සංසන්දනය කරන්න එපා.
රාජගිරියට රාජකීය විදිහට සලකල තියනවා.