(මහින්ද නිශ්ශංක)
ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂක ජනරාල් පී.එස්.එම් චාල්ස් මහත්මිය ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ශමිල් ප්‍රනාන්දු මහතා පත් කිරීමට විරෝධය දක්වා රේගු දෙපාර්තමේන්තුවේ සියළු රේගු නිලධාරීන් අද (30) වැඩ වර්ජනයක් අරඹා තිබේ.
රේගු අපනයන සහ ගුවන්තොටුපොල හැර අපනයන ඇතුළු සියළුම රේගු අංශවල මෙම වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් තුසිත අධිකාරම් මහතා පැවසීය.
මෙම වර්ජනය හේතුවෙන් භාණ්ඩ නිශ්කාශනය කිරීම ඇතුළු සියළු වැඩ කටයුතු ඇන හිට ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ප්‍රයෝජනවත් දෙයකට වැඩවර්ජනය කරනවා දැක්කමයි. මෙතුමිය ඉවත් කරන්නේ, තෝරු මෝරුන්ටත් මෙතුමිය වැට බැඳීමට පසුබට නොවන නිසයි. ඔන්න යහ පාලනය...
ප්‍රධානියෙක් පත් කිරීමට බිය වන්නේ හොරුන් හා වංචනිකයන්ය. නාවික හමුදාවට රේගුව භාරයට දී රට බේරා ගනිමු.
ප්‍රධානියෙක් පත් කිරීමට බිය වන්නේ හොරෙන් හා වංචනිකයන්ය. නාවික හමුදාවට රේගුව භාරයටදී රට බේරාගනිමු...
ඇයි මොකද අලුත් ලොක්කා යටතේ පගා ගහන්න අමාරුයිද?
රේගු නිලධාරින් අතරට හමුදා නිලධාරින්ද යොදවන එක කාලෝචිතයි. රේගු නිලධාරින් තමන්ගේ රාජකාරිය කරන විට හමුදා නිලධාරීන්ට ඔවුන්ට උදව් කරන්න පුළුවන්. මේ නිසා ඔවුන්ට කිසිම චෝදනාවකට යට නොවී තමන්ගේ රාජකාරිය අකුරටම කරන්න පුළුවන් වෙනවා.
අප දන්නා පරිදි මෙම නිලධාරිනිය අවංකව සේවය කරන ස්ත්‍රියක් මෙන්ම එඩිතර කාන්තාවක් බවත් කිව යුතුය. කෙසේ වෙතත් අවංක නිලධාරීන් වෙනුවට දේශපාලකයන්ගේ අවශ්‍ය තත්වයන් වෙනුවෙන් " වංක හිවල්ලුන්ව "පත්කර ගන්නේ නම් දේශපාලකයන් නැවතත් තම තමන්ගේ සීතලට අඳින වස්ත්‍රයන් උණාදමා නැවතත් ඔලුවෙන් හිටගෙන සිටිනවා දැකීමක්ය...
එහෙනම් .. අද හෙරොයින් (කුඩු) එනවා ඇති...
"රටට ප්‍රයෝජනවත් දෙයකට වැඩවර්ජනය කරනවා දැක්කමයි. මෙතුමිය ඉවත් කරන්නේ, තෝරු මෝරුන්ටත් මෙතුමිය වැට බැඳීමට පසුබට නොවන නිසයි. ඔන්න යහ පාලනය..." සම්පූර්ණ ඇත්ත...
ජනාධිපති සිරිසේනගේ අවධානයට ! බදු වංචා කරන ජාවාරම්කරුවන්ට හා රේගු නිලධාරීන්ට එරෙහිව රේගු නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කල පී එස් එම් චාල්ස් මහත්මිය පරිපාලන නිලධාරීන්ගේ සංචිතයට මාරු කර යැවීමට මුදල් අමාත්‍යංශයේ ලේකම් තීරණය කර ඇත. එයට වගකිව යුතු වන්නේ මුදල් අමාත්‍ය ලේකම් ආර් එච් එස් සමරතුංග, අමාත්‍ය උපදේශකයකු සේ බඳවාගන ඇති ETI සමාගමේ තැන්පත්කරුවන්ගේ රුපියල් බිලියන 34 ක ඉතුරුම් තැන්පතු මංකොල්ල කන ලද මනෝ තිත්තවැල්ල හා අමාත්‍ය මංගල සමරවීරයි. ජනතාව තම චන්දයෙන් ඔබ, ජනරජයේ විධායකයේ ප්‍රධානියා ලෙස පත් කළේ දුෂණ හා වංචා පිටු දැකීමට හා ඒවාට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට මිස බදු වංචා කරුවන්ට හා ඔවුන් ආරක්ෂා කරන දුෂිත නිලධාරීන්ට එරෙහිව නිර්භයව නීතිය ක්‍රියාත්මක කරන චාල්ස් මහත්මිය වැනි අපක්ෂපාති නිලධාරීන් එරෙහිව පියවර ගැනීමට නොවේ. ඔබ මැදිහත් වී මෙම අයුක්ති සහගත, පදනම් විරහිත ස්ථාන මාරුව වහාම අවලංගු කල යුතුය.
චාල්ස් මහත්මිය ඉවත් කල හේතුව මහජනතාව දැනගත යුතු වෙනවා. එතුමිය අවංක නිලධාරිනියක් බවයි අපි අසා ඇත්තේ.
විශ්‍රාමික හමුදා නිලධාරීන් රේගුවට පත් කරන්නේ එකට සුදුසු වෙන කිසිවෙක් නැතුවද?
ඇයි මොකද අලුත් ලොක්කා යටතේ පගා ගහන්න අමාරුයිද?
රේගුව , දුම්රිය , රියදුරු බලපත් (මෝටර් රථ ලියාපදිංචිය ) සදහා හමුදාව පත්කිරීම තුලින් පොදු මහජනතාවට විශාල සේවයක් කලහැක....
රටක සිවිල් සහ මිල්ටරි ලෙස බෙදා තිබෙන්නේ නීතියේ හා පාලනයේ මූලිකාංග අනුවයි... රේගුවේ රාජකාරිය ආදායම එකතු කිරීම සිවිල් කාර්යයක්. එ්කට තියෙන්නේ සිවිල් නීතියක්. ලෝකේ ඕනෑම රටක එහෙමයි. නේවි එක වැලි අල්ලන්න ගිහින් කළදේත්, රතුපස්වල දේත් මතක නැතිද? මෙහෙම ගියොත් හැම දේම තුවක්කුවෙන් කරන්න වෙයි. රේගුව හොරු නම් එකකට නීතියෙන් කරන්න තියෙනදේ කරන්න. අල්ලස් කොමිසම තියෙන්නේ එ්කට තමයි...
හරියට වැඩකරන අයට ගෙදර යන්න වෙනවා කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවල. ලංකාවේ හැම ආයතනයකම තිබෙන සැඟවුන සත්‍යයක්...