(අංජුල මහික වීරරත්න)
ගෝලීය ආර්ථික අර්බුද නිසා බොහෝ රටවල් වියදම් කප්පාදු කළද යහපාලන රජය කිසිවිටෙක අධ්‍යාපනය සමඟ සෞඛ්‍ය සඳහා වෙන් කරන මුදල් කප්පාදු නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලිගාවත්තේදී අද (19) පැවැසීය.
අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් වසරින් වසර ඉහළ නැංවීම රජයේ අරමුණ බව කී අග්‍රාමාත්‍යවරයා එම මුදල් එම වසරේදීම වියදම් කරන ලෙස ද ඉල්ලා සිටියේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ 10 මාලිගාවත්ත දාරුසලාම් විදුහලේ සිව්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
‘ළඟම පාසල-හොඳම පාසල’ වැඩසටහන යටතේ රුපියල් මිලියන 40ක වියදමින් මෙම ගොඩනැගිල්ල ඉදිකෙරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩියෙන් මුදලක් වෙන්කරන්නෙත් නෑ.
කප්පාදු කරන්න අධ්‍යාපනයක්, සෞඛ්‍යයක් ඉතුරු කරන්න එපැයි. ඒකත් කාලා දාලා ඉවර කරන්නයි හදන්නේ. ඒවා විනාශ කළාට පස්සේ ඒවට මුදල් වෙන් කරන්න එපැයි කප්පාදු කරන්නත්...
එනපොට හොඳ නෑ වගෙයි කොල්ලෝ. නිදහස් අධ්‍යාපනයටත් අබ සරණයි වගේ...
කප්පාදු වෙනහැටි බලන්න තිබුණා... මිලියන ගාණක් තිබුණා නම්...
මේ දවස්වල මම කෙප්ප කීම පිළිබඳව පස්චාත් උපාධිය හදාරනවනේ. ඉතින් යනයන තැන කෙප්පමයි කියන්නේ හොඳේ...