යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චෙලියන් මහතාට ඊයේ(22) සවස නල්ලූර් ප‍්‍රදේශයේදී එල්ල කෙරුණු වෙඩි ප‍්‍රහාරය හෙළා දකින බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම ප‍්‍රහාරයේ දී ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මහතාගේ අභාවය පිළිබඳ සිය බලවත් කනගාටුව ද පළ කරන බව ජනපති කියයි.
මෙම සිදුවීම සමග විනිසුරුවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානය යොමු කළ ජනපති සියලූ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේ ය.
එමෙන්ම විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා මෙම සිදුවීම පිළිබඳ පුළුල් පරීක්ෂණයක් වහාම සිදුකරන ලෙස ද ජනපති පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නේය.
පොලිස් සැරයන්වරයාගේ අභාවය පිළිබඳ ඔහුගේ පවුලේ ඥාතීන්ට සිය බලවත් කනගාටුව පළකළ ජනපති තම රාජකාරිය නිසිලෙස ඉටුකරන මෙවන් නිලධාරින් සමස්ථ රාජ්‍ය සේවයටත්, පොලිස් දෙපාර්තමේන්තුවටත් ආදර්ශයක් බව ද සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
171
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
369
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
379
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යාපන විනිසුරුට එල්ලකළ ප්‍රහාරය ජනපති හෙළාදකියි
prasad Sunday, 23 July 2017 06:30 PM
මැරුණ නිලධාරියාගේ දරු පවුලට සාධාරණ වන්දියක් දෙන්න. ඒත් ඒ පවුලේ පියතුමා අයෙත් කවදාවත් එන්නේ නැහැ. හරිම කණගාටුයි.
de silva berlin Sunday, 23 July 2017 06:41 PM
හෙළා දැකල විතරක් මදි මේක කරපු එකට ඉක්මනටම හොඳ දඩුවමක් දිය යුතුය. නැත්නම් ඉදිරියට අනිත් ආයත් පටන් ගනීවි, පොලිසියට කොකා පෙන්වන්න
indika Monday, 24 July 2017 03:27 AM
ඊයේ හවස පත්තරේ තිබිල දැක්කේ!
sachith Monday, 24 July 2017 05:59 AM
පත්තරේ පිටවෙන්න කලින්ම දැන ගත්තේ කොහොමද දන්නේ?
Hafeel Monday, 24 July 2017 08:28 AM
තමන් අධිකරණ ඇමතිධුරය දරන කල්, අහවල් අය අත් අඩංගුවට ගන්න දෙන්නේ නැහැ කියලා අධිකරණ ඇමතිවරු ඉන්නකම්, විනිසුරුවරුන්ගේ ජීවිතය අනාරක්ෂිත තමයි.
රජින්ද Monday, 24 July 2017 08:31 AM
හෙලා දකින්නයි, කණගාටුව ප්‍රකාශ කරන්නයි, දුක හිතන්නයි විතරද රටකට ජනාධිපති කෙනෙක් ඕනේ. ලංකාව වටේ ගිහින් ප්‍රකාශ නිකුත් කර කර අවුරුදු 5 ගෙවා දමන්නයි දැන් කාලේ ලංකාවේ රාජ්‍ය නායකයින්ට ඕනෑ. නැතුව මිනිස්සුන්ගේ සැබෑ ප්‍රශ්න විසඳන්නවත්, රටේ භීතිය මැරකම් නතර කරන්නවත් කිසිම උවමනාවක් නැහැ. ලංකාවේ පවතින තත්වය ඉතාමත් සංකූලයි ව්‍යාජයි..
Senarath Monday, 24 July 2017 09:32 AM
හෙළා දකිනවා කිව්වට මේවා නවතින්නේ නැහැ. මේ විදියටමයි 1975 දී ප්‍රභාකරන් දොරේ අප්ප මහතාව මරල පටන් ගත්තෙත්... ඒ නිසා දැඩි පියවර ගන්න ඕනේ...