රොමේෂ් මධුෂංඛ
 
යාපනය කොණ්ඩාවිල් ප්‍රදේශයේ පිහිටි වෙළඳසැළකට ඊයේ (9) රාත්‍රී 10 ට පමණ ආවා කල්ලියෙන් පහරදීමක් සිදු කර පලා ගොස් ඇතැයි කෝපායි පොලීසිය පවසයි.


කොණ්ඩාවිල් දුම්රියපල මාර්ගයේ ෂන්මුගම් නඩරජා නැමත්තාගේ එළවළු හා පලතුරු වෙළඳසැළකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර එම ප්‍රහාරයෙන් වෙළඳසැළට හානි සිදුව ඇති අතර ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැත.


ෂන්මුගම් නඩරාජා විසින් ප්‍රහාරය එල්ල කිරීමට පැමිණ පිරිස් පිළිබඳව පොලීසියට පවසා ඇත්තේ යතුරුපැදි දෙකකින් පුද්ගලයින් සිව් දෙනෙකු පැමිණි බවටත් පැමිණි පිරිස් මුහුණු ආවාරණය කර පැමිණි අතරම යතුරුපැදි වලද නොම්මර තහඩු ඉවත් කර පැමිණි බැවින් පහර දුන් අය පිළිබඳව කිසිදු හෝඩුවාවක් තමන්ට නොමැති බවයි.