(රොමේෂ් මධුෂංඛ)
යාපනය මෙලෙන්චිමුනෙයි ධීවර ගම්මානයේ දේවස්ථානයක පැවැති උත්සවයකදී ලබා දුන් ආහාර විස වීමකින් පුද්ගලයින් 98 දෙනෙකු අද (11) උදෑසන කයිට්ස් රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇතැයි පොලීසිය පවසයි.
මෙලෙන්චි මුනෙයි ගම්වාසීන් 700 ක් පමණ දෙනා එක්ව මෙම උත්සවය පවත්වා ඇති අතර අනතුරුව එහි සිටි සියලු දෙනාටම ආහාර ලබා දී තිබේ.
ආහාර ගැනීමෙන් අනතුරුව ඊයේ (10) රාත්‍රියේදී සහ අද (11) උදෑසන වැඩිහිටියන් 53 දෙනෙකු හා ළමුන් 45 දෙනෙකුට වමනේ යාම සහ බඩ රිදීම වැනි රෝග ලක්ෂණ මතුවීම නිසා ඔවුහු උදෑසන කයිට් ප්‍රදේශීය රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු විසින් පරීක්ෂා කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd