(රොමේෂ් මධුෂංඛ)
යාපනය නීර්වේලි මාර්ගයේදී ත්‍රී රෝද රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමේන් අද (02) දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකුට බරපතල තුවාල ලැබූ බව යාපනය කෝපායි පොලීසිය කියයි.
යාපනයේ සිට පේදුරුතුඩුව දෙසට ගමන්ගත් වෑන් රථය හා පේදුරුතුඩුව සිට යාපනය දෙසට ගමන්ගත් ත්‍රී රෝද රථයක් අධික වේගයෙන් පැමිණ වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මුහුණට මුහුණ ගැටී මෙම අණතුර සිදුව ඇති බවට කෝපායි පොලීසිය ප්‍රකාශ කළේය.
මෙම අනතුරෙන් ත්‍රී රෝද රථයේ පැමිණි රියදුරු හා එහි පැමිණ 6 හැවිරිදි කුඩා දරුවෙකු එම් ස්ථානයේදීම මිය ගොස් ඇත.
අනතුරින් තුවාල ලැබූ දෙදෙනෙකු මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු මේ වන විටි අත්අඩංගුවට ගෙන ඇති බවට වැඩි දුර පරික්ෂණ සිදු කේපායි පොලීසිය කියා සිටියේය.



COMMENTS