භෞතික විද්‍යාව විෂය ධාරාවේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය ලැබූ යාපනය හාර්ට්ලි විද්‍යාලයේ ශ‍්‍රීධරන් දුවාකරන්ට් සිසුවාට සුබ පැතීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පේදුරුතුඩුවේ පිහිටි ඔහුගේ නිවසට අද(29) උදෑසන පැමිණියේය.
ඔහුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ආණ්ඩුකාරවරයා මූල්‍යාධාර පිරිනැමූ අතර ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා යම් උපකාරයක් අවශ්‍ය වුවහොත් එයද ලබාදෙන බවට ප‍්‍රකාශ කළේය.
‘‘උතුරු පළාත ලංකාවේ අධ්‍යාපනය ප‍්‍රමුඛස්ථානය දිනාගෙන සිටියා. වසර ගණනාවක් මේ රටේ බිහිවෙච්ච බුද්ධිමතුන්, ඉංජිනේරුවරුන්, විශේෂඥයින්, කළමනාකරණ ප‍්‍රධානීන් බිහිවුණේ දකුණට ගෙනිච්චේ උතුරු පළාතෙන්. දැනුත් විශාල ප‍්‍රමාණයක් හොඳ වෛද්‍යවරුන් දකුණු පළාතේ රෝහල්වල ඉන්නේ උතුරු පළාතෙන් ගිහිල්ලා. නමුත් යාපනය ප‍්‍රදේශයේ හා අවට දූපත්වල ඇති රෝහල්වල වෛද්‍යවරුන් නැහැ. ඒක බොහෝම ඛේදනීය කාරණයක්. ඒ වගේම යුද්ධයෙන් පසු සාමය ලැබුණාට පසු අධ්‍යාපනයේ ගුණාත්මක පිරිහිමක් දක්නට ලැබෙනවා. මෙය මා දකින්නේ පරිපාලන නිලධාරීන්ගේ වරදක් හැටියටයි. මුළු යාපනයේම අධ්‍යාපනය නැවත ඉදිරියට ගත යුතුයි. යාපනයට තිබෙන එකම විමුක්තිය ඉගෙනීමයි‘‘ යැයි ද ඔහු පැවසීය.




COMMENTS
අපෙනුත් සුබ පැතුම් පුතේ !!!
ඉගෙනීම නැතුව විමුක්තිය ලබන්නේ දේශපාලකයෝයි. ඔවුන්ට 8 පාස්නම් එයද විමුක්තියකි.. මක්නිසාදයත් බී ඒ පාස්වුණු කෙනත් 8 පාස් දේශපාලකයාට ඡන්දය දෙන නිසායි.
මේ දරුවාගේ ගෙදර අය ගෙවන කටුක ජීවිතය කාටත් පේනවා. යුද්ධයෙන් ඍජුවම බැට කමින්, දුකසේ ජීවත් වෙමින්, උසස්පෙළ සඳහා මැරුණු මැරිල්ලේ ප්‍රථිඵලය කියල නිම කරන්න බෑ. මේ ගෙදර ඉදිරිපිට තියෙන්නේ බයිසිකල්, හුලන් පොම්ප, පරණ පුටු ආදිය. කොල්ලට තියෙන්නෙත් දුක් විඳපු මූණක්. අපේ අයට නම් ගෙවල්වල වාහන, පාඩම් කිරීමට සැප පහසු කාමර, දහස් ගණනින් අය කරන ගෙවල් වලට එන ගුරුවරු රස බොජුන් ඕන තරම්. මට නම් මේ කොලුවාගේ ප්‍රථිපලය අනික් හැමෝගෙම ප්‍රථිපල වලට වඩා යොදුන් ගණනක් ඉදිරියෙන්.
ටියුෂන් පප්පලා දේශපාලනයට යන නිසා පරිපාලනය කඩා වැටී ඇති බව දියවන්නාවේ අයට නොපෙනේ....