IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


යුද්ධයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මකයි

විදේශ ඇමති ජිනීවාහිදී කියයි

පැවති යුද්ධයෙන් වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට සත්‍ය දැන ගැනීමේ යාන්ත්‍රණය මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවත් , ඒ යටතේ සත්‍ය දැන ගැනීමේ කොමිසමට අදාළ නීති කෙටුම්පත ඉදිරි මාස දෙක ඇතුළත කැබිනට්   මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අද (28) ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවේ  පැවසීය.

මානව හිමිකම් උල්ලංඝණය වීම් වලින් පීඩාවට පත් වූවන්ට යුක්තිය ලබා දීම හා ජාතික සංහිඳියාව ගොඩනැංවීම සඳහා ශ්‍රී ලංකා රජයේ  පවතින අධිෂ්ඨානය වෙනස් නොවී පවතින බව  විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන මානව හිමිකම් සමුළුව අමතමින් ඔහු මේ බව පවසා සිටියේය.

විදේශ අමාත්‍යවරයා  වගවීම හා ප්‍රතිසන්ධන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව මෙතෙක් ලබා ගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් මානව හිකම් කවුන්සිලයේ සාමජික රටවල් 47 හමුවේ අදහස් දක්වමින් වැඩිදුරටත් මෙසේද කීය.

“ ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ඇති කිරීම හා වගකීමෙන් යුතු ලෙස ක්‍රියාකිරීමට 2015 ඔක්තෝබර් මාසයේ සිට වත්මන් රජය සහයෝගය දැක් වුවද ශ්‍රී ලංකාවේ විවිධ පාර්ශවයන් විසින් රජයේ මෙම සද් ක්‍රියාව  විවේචනයට ලක් කරනවා.  එමෙන්ම ඇතැම් අය මෙය පාවා දීමක් හා ද්‍රෝහිකමක් ලෙසද පෙන්වා දී තිබෙනවා“

“පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව අත්කරගත් ඉලක්ක සඳහා දිගින් දිගටම විරුද්ධ වෙමින් ඒවා පිලිනොගමින් පුද්ගලයන් කටයුතු කළද වත්මන් රජය විසින්  2016 වසරේ උතුරේ ජනයාට අක්කර 5,515.98 ක රජයේ ඉඩම් ද අක්කර 1,383.51 ක්ද ලබා දුන් අතර ජනවාරි මස ඉඩම් අක්කර 30.54 ක් ලබා දී තිබෙනවා.“ යයිද පැවසීය.

‘‘එසේම රටේ  සංහිඳියාව උදෙසා වන කාර්ය සාධක බලකාය සමඟ එක්ව ලංකාවේ ප්‍රථම වතාවට උතුරේ ජනතාවගේ අදහස් ලබා ගනිමින් වාර්තාවක් නිර්මාණය කර ඇති තිබෙනවා.‘‘



අදහස් (0)

යුද්ධයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මකයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site