IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘මේ ගමනේදී අපි බොහෝ දුෂ්කරතාවලට මුහුණ දුන්නා’ - කිම්


 
 
“එය ගෞරවයක්” යැයි උතුරු කොරියා නායකයා හමුවෙමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (12) උදෑසන සිංගප්පූරුවේ සෙන්ටෝසා දූපතේ කැපෙල්ලා හෝටලයේදී පැවැසීය. 
 
මුළු මහත් ලෝකයම බලා සිටි සියවසේ හමුව ලෙසින් හැඳින්වුණු ට්‍රම්ප්-කිම් හමුවට එක්වෙමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා එම කරුණු කීය. ඇමෙරිකා ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු සිංගප්පූරු වේලාවෙන් උදෑසන 9.00ට (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6.30ට) එකිනෙකා මුණ ගැසීමට නියමිතව තිබූ අතර සිංගප්පූරු වේලාවෙන් නවය පසුවී මිනිත්තු කිහිපයකින් දෙදෙනා හමුවූහ.
 
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මුලින්ම එකිනෙකා හමුවෙමින් සුබ පැතුම් එක් කරගනිමින් ඡායාරූප අවස්ථාවකට පෙනි සිටියහ. ඉන් අනතුරුව ඔවුන් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට මිනිත්තු කිහිපයක් පිළිතුරු දීමෙන් පසුව පෞද්ගලික සාකච්ඡාවකට ගියහ. එයින් අනතුරුව ඔවුන් දෙදෙනා දෙරටේ නියෝජිතයෝ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළහ. නායකයන් දෙදෙනාගේ පෞද්ගලික හමුව පැයකට ආසන්න කාලයක් පැවැති බව ද වාර්තා විය. 
 
ට්‍රම්ප් සහ කිම් යන නායකයන් එකිනෙකා මුහුණට මුහුණ මුණ ගැසුණු පළමු අවස්ථාව මෙය වන අතර ධුරය හොබවන අවස්ථාවේදී ඇමෙරිකා ජනාධිපතිවරයකු උතුරු කොරියානු නායකයකු හමු වූ පළමු අවස්ථාව මෙය විය. මීට පෙර ඇමෙරිකා ජනාධිපතිවරුන් වන ජිමි කාටර් සහ බිල් ක්ලින්ටන් ධුරයෙන් ඉවත් වීමෙන් බොහෝ කලකට පසු උතුරු කොරියානු නායකයන් මුණ ගැසුණත් එම හමු නිල රාජ්‍ය නායක හමු ලෙස හඳුන්වන්නේ නැත. 
 
ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් එකිනෙකා හමු වූ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා මුලින්ම හුවමාරු කරගත් අදහස් කෙරෙහි ජාත්‍යන්තරයේ මාධ්‍යයේ වැඩි අවධානයක් යොමු වී තිබිණි. 
 
“මෙය ඉතාම සුවිශේෂීයි. සුවිශේෂීය. උතුරු කොරියානු නායකයා හමු වීම ගෞරවයක්” ට්‍රම්ප් කීය. ට්‍රම්ප් සහ කිම් සාකච්ඡා පැවැත්වූයේ පරිවර්තකයන්ගේ සහාය ඇතිවය.
 
“අපි ඉතාමත් හොඳ සාකච්ඡාවක් පවත්වනවා. එය අති විශාල සාර්ථකත්වයක් ලබනු ඇතැයි මම හිතනවා. එය සුවිශේෂී සාර්ථකත්වයක් ලබනවා. ඒ වගේම එය ගෞරවයක්. එමෙන්ම අපි සුවිශේෂී සබඳතාවක් ඇති කරගන්නවා. ඒ ගැන සැකයක් නැහැ” යැයි ඇමෙරිකා ජනාධිපතිවරයා කීය. 
 

“මෙහි පැමිණීම පහසු වුණේ නැහැ. අපට බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙන්න වුණා. පැරැණි පූර්ව විනිශ්චය කිරීම් පැරැණි පුරුදු ක්‍රියාමාර්ග අපට මෙහි පැමිණීම බාධාවක් වුණා. එහෙත් අපි සියලු බාධක මැඩගෙන මෙහි ආවා” යැයි උතුරු කොරියානු නායකයා ජනාධිපති ට්‍රම්ප්ට පැවැසීය. 
 
“ඔව් එය ඇත්ත” යනුවෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊට පිළිතුරු දුන්නේය. එම අවස්ථාවේදී උතුරු කොරියානු නායකයාගේ අත අල්ලා ගනිමින් ඇමෙරිකා ජනාධිපතිවරයා විහිළුවක් කළ බවත් එය ඔවුන් දෙදෙනාට පමණක් ඇසුනක් බවත් ඬේලිමේල් වෙබ් අඩවිය වාර්තා කළේය. 
 
ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ දෙරටේ නියෝජිතයන් ‘රාජකාරී’ දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
 
 
ඬේලිමේල් ඇසුරිනි 

 



අදහස් (5)

‘මේ ගමනේදී අපි බොහෝ දුෂ්කරතාවලට මුහුණ දුන්නා’ - කිම්

Samathasena A . Aluthgama Tuesday, 12 June 2018 05:43 AM

ලෝක සාමය ඇතිවේවා. එවිට පුංචි රටවල්ද සුරක්ෂිත වෙයි.

:       0       207

නොකවුට් Tuesday, 12 June 2018 06:21 AM

උතුරු කොරියාවට ජය වේවා.

:       12       143

ලුම්බිණි Tuesday, 12 June 2018 06:31 AM

හොඳ ප්‍රතිපල ලැබේවා.

:       0       94

kalani Tuesday, 12 June 2018 07:22 AM

බියෙන් සැකෙන් තොර ලෝකයක් පාර්ථනා කරන මිනිසුන් වෙනුවෙන් මෙම හමුව සපල වේවා.!

:       0       5

kb Silva Tuesday, 12 June 2018 07:27 AM

ට්‍රම්ප් සහ කිම් ජෝන් හමුවීම සාර්ථක විය. මේ අනුව ගෝඨාභය ජනපති වීම ස්ථිරයි.

:       51       226

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 292 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 193 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site