IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


මාළු වෙළෙඳපොලේ කැන්ටිමේ මාළු කෑම නෑ

(හර්ෂණ තුෂාර සිල්වා)

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආපනශාලාව පවත්වාගෙන යෑම වෙනත් පාර්ශවයකට ලබාදීම සඳහා ටෙන්ඩර් කැඳවන්නැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳපොළේ ඇති ආපනශාලාවේ අලෙවියට ඇති ආහාර මාළු සහිත ආහාර ඇතුළත් නැතැයි එහි වෙළෙඳුන් අමාත්‍යවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

වෙළෙඳුන්ගේ පැමිණිල්ල සැලකිල්ලට ගනිමින්, ඔවුන්ගේ අවශ්‍යතාව සැපිරීමට ආපනශාලාව පවත්වාගෙන යන පාර්ශවයට නොහැකි නම්, නැවත ටෙන්ඩර් කැඳවා ආපනශාලාව පවත්වාගෙන යෑම වෙනත් පාර්ශවයකට ලබාදෙන්නැයි අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳපොළේ දිනකට මත්ස්‍ය  මෙට්‍රික් ටොන් 350ත් 400ත් අතර ප්‍රමාණයක් අලෙවි වන අතර ගැවසෙන වෙළෙඳුන් හා පාරිභෝගිකයන්ගේ ප්‍රමාණය 3000කට ආසන්න වේ.



අදහස් (7)

මාළු වෙළෙඳපොලේ කැන්ටිමේ මාළු කෑම නෑ

wedage Friday, 04 August 2017 09:25 AM

ඉතින් හරිනේ මාළු පාන් වල මාළු නෑ. ගල් බනිස් වල ගල් නෑ. කිඹුලා බනිස්වල කිඹුල්ලු නෑ.

:       0       46

raveendra Friday, 04 August 2017 09:26 AM

පැරණි කියමනක් නිවැරදිබව මෙමගින් සනාථ වේ. වඩු කාර්මිකයාගේ ගෙදර ඉඳගැනීමට පුටුවක් නොමැත.

:       0       24

ලක්ෂි Friday, 04 August 2017 11:34 AM

මාළු විකුණන අය දන්නවා එ් මාළු පරිභෝජනයට නුසුදුසුයි කියලා.

:       0       33

aravindaFriday, 04 August 2017 01:39 PM

මම හිතන්නේ කැන්ටිමේ මාළු නැති වීමට ඇත්ත හේතුව මේක කියලයි.

:       0       6

Hafeel Friday, 04 August 2017 12:15 PM

මෙම ස්ථානය මර්වින්ට සුදුසු තැන. එතුමාට කිව්වා නම් වැඩේ සාර්ථකව විසඳාවි...

:       0       1

sarath Saturday, 05 August 2017 04:49 AM

හරියට පාර්ලිමේන්තුවේ දේශපාලකයෝ නැහැ වගේ තමයි. ඉන්නේ කසිප්පු කාරයොයි, තැබෑරුම් කාරයොයි, මාල හොරුයි හා එහෙම නෙවෙයිද ?

:       0       2

AntaSaturday, 05 August 2017 07:48 AM

මසුරන් වටිනා කතාවක් ඈ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 168 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 377 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site