IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


‘මහ බැංකුව වග කියන්න ඕනේ මහජනතාවට‘

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය වගකීමෙන් බැඳි සිටින්නේ මහජනතාවට මිසක ඔවුන් අදාළ තනතුරුවලට පත් කරන ලද දේශපාලන ස්වාමිවරුන්ට නොවේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන මහතා අද (28) ප්‍රකාශ කළේය. 

ඔවුන් අදාළ තනතුරු හෙබවිය යුත්තේ මහ බැංකුවේ අයිතිකරුවන් ලෙස නොව එහි විශ්වාසනීය භාරකරුවන් ලෙස යැයි ද ආචාර්ය විජේවර්ධන මහතා එහිදි කීය.

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 68ක් සැපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘ඇට්‍රියම්’ ශ්‍රවණාගාරයේදී දේශනයක් කරමින් ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන මහතා එම කරුණු සඳහන් කළේය.

“ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය නැවත විමසා බැලීම:

මතුවෙමින් තිබෙන අර්බුද විසඳා ගන්නේ කෙසේ ද ?” යන තේමාව යටතේ ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන මහතා දේශනය කළේය.

එහිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන මහතා මෙසේ ද සඳහන් කළේය.

“පොත් සටහන් තබමින් මුදල් මුද්‍රණය කිරීමට මහ බැංකුවට ඇති බලය අවභාවිත කිරීමේ ස්වභාවික නැඹුරුවක් සහිත ස්වයං ලැදියාවක් දේශපාලන බලාධිකාරිය සතුව තිබෙනවා. මහ බැංකුවල කළමනාකාරීත්වයන් නුවණක්කාර මූල්‍ය ප්‍රතිපත්ති සැලකිල්ලට ගනිමින් එවැනි බල කිරීමක් සහිත ඉල්ලීම්වලට විරෝධය පළ කළ විට දේශපාලනඥයන් මහ බැංකුවට සහඑ එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ප්‍රසිද්ධියේ සහ මහජනතාව ඉදිරියේ චෝදනා කරනවා.

එහි අරමුණ මහ බැංකු නිලධාරීන් බිය ගැන්වීමයි. ඒ තුළින් තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට ඔවුන් උත්සාහ කරනවා. 

දේශපාලනඥයන්ගේ එවැනි හැසිරීම් නතර කිරීමට හැකි හොඳම ක්‍රමවේදය මහ බැංකුවේ ස්වාධීනත්වයට පීඩා කිරීමට ගන්නා උත්සහායන්ට එරෙහිව සිවිල් සමාජයේ හඬ එසවීමයි. 

එහෙත් හේතු දෙකක් නිසා මහ බැංකුවලට එය කිරීමට නොහැකි වී තිබෙනවා. පළමුවැන්න තම සාමාජිකයන් බලපෑමක් නොමැති කරුණු සම්බන්ධයෙන් සිවිල් සමාජය දක්වන උදාසීනත්වයයි. උද්ධමන ඔවුන් අත්පත් කරගෙන සිටින මූල්‍ය වත්කම්වල අගය විනාශ කරමින් ඔවුන්ට පහර දුන්න ද ඒවායේ පිරිවැය දැරිය යුත්තේ අනාගතයේදීය. 

ඇතැම් මහ බැංකුවල සිදු වූ වඩාත් හොඳින් අනාවරණය වූ අපකීර්තිමත් සිදුවීම් නිසා සිවිල් සමාජය තුළ මහ බැංකු සම්බන්ධයෙන් සතුරු හා එදිරිවාදිකමක් ඇති වී තිබෙනවා.

මෑතකාලයේදී සිදු වූ එවැනි සිදුවීම් කිහිපයක් මෙහි සඳහන් කළ යුතුය. අල්ලස් ලබා ගැනීමේ චෝදනාවකට ලැට්වියාවේ මහ බැංකු අධිපතිවරයා අත්අඩංගුවට පත්වුණා. කලින් පැවැති පරිපාලනය සමයේදී ඉඩම් අලෙවි කිරීමේ චෝදනාවකට මැලේසියාවේ මහ බැංකු අධිපතිවරයාට සිය ධුරයෙන් ඉවත් වීමට සිදුවුණා. ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවක් සමඟ සිදු වූ බව කියන මුදල් වංචාවක් නිසා ඇෆ්ගනිස්තාන මහ බැංකු අධිපතිවරයා එරටින් පලා ගොස් ඇති බව වාර්තා වුණා.

හැකර්කරුවන් මහ බැංකුවේ විදෙස් සංචිතවලින් එක්සත් ජනපද ඩොලර් මිලියන 81ක් අයුතු ලෙස තමන් සන්තක කරගැනීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවක් නිසා බංග්ලාදේශ මහ බැංකු අධිපතිවරයාට එම ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සිදුවුණා. 

සදාචාර විරෝධී අයුරින් රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළේ අභ්‍යන්තර තොරතුරු බාහිර පාර්ශවවලට ලබාදුන් බවට එල්ල වූ චෝදනාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දෙන්නැයි මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයක් හිටපු ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා නොසලකා හැරියා. 

මෙවැනි සිදුවීම් පුවත්පත්වල වාර්තාව වුණාම මහ බැංකු සම්බන්ධයෙන් මහජනතාවගේ තිබෙන ගෞරවනීය විශ්වාසය ප්‍රකෝපකාරී එදිරිවාදිකමක් බවට පත් වෙනවා. එසේ වුණාහම මහ බැංකුවේ සිටින පිරිස්වලට හානිය පාලනය කිරීමට කඩිනම් පියවර ගැනීම වෙහෙසකාරී ක්‍රියාවක් බවට පත්වෙනවා. 

මහ බැංකුව කොතරම් හොඳ දේ කළත් මහජනතාවගේ මනසේ රැඳෙන්නේ ඒවා නෙමෙයි. එක් වරදක් සදාකාලිකවම මහ බැංකුවේ කීර්තිනාමයට හානි කිරීමට ප්‍රමාණවත්. 

මහ බැංකුවේ ප්‍රධාන පාර්ශවකරුවා වනුයේ මහජනතාවයි. ඔවුන් මහ බැංකුව නුවණක්කාරී ලෙස හෝ එසේ නොමැතිව ජනනය කරන මුදල් දරාගෙන සිටිනවා. එම නිසා මහ බැංකුව සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වගකීමෙන් බැඳි සිටිය යුත්තේ ඔවුන් අදාළ තනතුරුවලට පත් කරන දේශපාලන ස්වාමිවරුන්ට නොව මහජනතාවටයි.

ඔවුන් එම තනතුරු හොබවන්නේ මහ බැංකුවේ අයිතිකරුවන් ලෙස නොව විශ්වාසනීය භාරකරුවන් ලෙසයි. එහෙත් මේ අවස්ථා දෙකේදීම ඔවුන්ගේ අසමත්වීම මහ බැංකුවට මහත් ව්‍යසනයක් නිර්මාණය කරනවා. විශේෂයෙන්ම මහජනතාව ඉදිරියේ විශ්වාසය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් තිබෙන අසමත්මක මහ බැංකුවට මහ විනාශයක් ගෙන දෙනවා”.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ශ්‍රී ලංකා මහ බැංකුවේ අනෙකුත් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. 

ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා

 



අදහස් (0)

‘මහ බැංකුව වග කියන්න ඕනේ මහජනතාවට‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 428 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2195 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site