(මනෝප‍්‍රිය ගුණසේකර )
වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාක්කි දීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තර මෙහෙයුම් අධ්‍යක්‍ෂක ඒ.එම්.රුද්‍රිගු මහතා හෙට (7) කොමිසම හමුවට කැඳවනු ලැබ සිටී.
2015 පෙබරවාරී 1වැනිදාත් 2016 මාර්තු 31 වැනිදාත් අතර කාලයේ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කොට ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd