
( තිළිණි ද සිල්වා)
ඉකුත් මහමැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය සඳහා ප්‍රකාශිත අවසන් ඡන්ද ප්‍රතිඵලය බලරහිතකර එම දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත සියලු ඡන්ද පත්‍රිකා ගණන් කරන ලෙසට මහනුවර දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීයාට නියෝග කරන්නැයි ඉල්ලා මහසෝන් බළකාය අභියාචනාධිකරණය හමුවේ අද (02) රිට් පෙත්සමක් ගොනු කරන ලදී.
මහනුවර දිස්ත්‍රික්කයේ සඳහා ඉකුත් මහ මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් අංක 01 යටතේ තරග කළ මහසෝන් බලකාය නැමැති සිවිල් සංවිධානයේ ප්‍රධානියා අමිත් වීරසිංහ මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහනුවර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ටී.ඒ.සී.එන්.කුලතුංග , ගණන් කිරීමේ නිලධාරී ඩී.එම්.එන්.ජී.ජී.ටී.කරුණාරත්න , එම දිස්ත්‍රික්කය සදහා තරග කළ දේශපාලන පක්ෂ වල ලේකම්වරු ඇතුළු 19 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයට තමන් ‘‘ජල කරාම“ ලකුණ යටතේ තරග කළ බවත් , දේශපාලන පක්ෂ දහ හතක් සහ ස්වාධීන කණ්ඩායම් 12ක් ඒ සදහා ඉදිරිපත් වූ බවද පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී.
මැතිවරණය පැවැත්වීමෙන් පසුව මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කළ තවත් අපේක්ෂකයෙකු පූර්ව අවසරයකින් තොරව ගණන් කිරීමේ මධ්‍යස්ථාන දෙකකට ඇතුළු වූ බවත් , පොලීසිය එය වැළැක්වීමට කටයුතු නොකළ බවද පෙත්සමේ සදහන් වේ.
එසේම සෙංකඩගල මැතිවරණ ආසනයේ ඡන්ද පෙට්ටිය සීල් තැබීමකින් තොරව ගණන් කිරීමේ මධ්‍යස්ථානයට රැගෙන ආ බවත් , ඒ පිළදව ප්‍රශ්න කළ විට එහි සිටි නිලධාරීන් නිසි පිළිතුරක් දීමට අපොහොසත් වූ බවද පෙත්සම්කරු සිය පෙත්සමෙන් පෙන්වා දේ.මෙම ඡන්ද ගණන් කිරීමේදී අක්‍රමිකතා සිදුවූ අතර තමන්ට ලැබී තිබෙන ඡන්ද අඩුවෙන් ගණන් කර ඇතැයිද පෙත්සමේ සඳහන් වේ.මේ හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කය සදහා තරග කළ ස්වාධීන කණ්ඩායම් 01 ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් අහිමි වූ බවද පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී.
එබැවින් මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියේ සටහන් කර ඇති ඡන්ද ප්‍රතිඵල බලරහිත කරන ලෙසත් , ඡන්දය යළි ගණනය කර අලුතින් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලෙස දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වෙත නියෝගයක් නිකුත් කරනැයිද පෙත්සම්කාර මහසොන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ මහතා සිය පෙත්සම මගින් ඉල්ලා සිටී.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.