(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන මිළ ඉහළ දැමීම ඇතුළු කරුණු හේතුවෙන් රජයට එල්ල වන අපවාද වලින් ගැලවී යාම සඳහා මහජන බදු මුදල් යොදා ගනිමින් මහින්ද රාජපක්ෂ යුගයට එරෙහිව අසත්‍ය තොරතුරු සහිත ප‍්‍රචාරණ ව්‍යාපෘතියක් ආණ්ඩුව ක‍්‍රියාත්මක කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී පැවසීය.
මහබැංකු වාර්තාද නොසළකා හරිමින් සිදුකරගෙන යන මෙම අසත්‍ය තොරතුරු ප‍්‍රචාරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රජයට එරෙහිව ඉදිරියේ දී දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බවද ඔහු කියා සිටියේය.
ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචි බොරැල්ල වජිරාශ‍්‍රමයේ අද (22) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මහතා මෙසේද කීවේය.
‘‘ ගංවතුර සහ නාය යෑම් පිළිබඳ ස්වාභාවික ආපදා තත්වය ඇතිවෙන්න කලින් ජනතාවට විශාල පීඩනයක් ඇතිවෙන ලෙස ඛණිජ තෙල් මිල සූත‍්‍රයක් හදුන්වා දී අසාමාන්‍ය ලෙස භූමිතෙල් ඇතුළු ඛනිජ තෙල්වල මිල ඉහළ දැමීමට මේ රජය කටයුතු කළා. ඒ සමඟ රටපුරාම ධීවරයන්, කර්මාන්තකරුවන්, ගොවීන් ආදී පිරිස් රජයට එරෙහිව විරෝධතා ගෙන ගියා.
මෙයට ප‍්‍රතිචාර ලෙස විපත් මගේ නිර්මාතෘ මංගල සමරවීර මහතා විසින් මහජනතාවගේ බදු මුදල් කෝටි ප‍්‍රකෝටි ගණනින් වියදම් කරමින් ප‍්‍රචාරණ වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා. 2014 මහින්ද රාජපක්ෂ යුගයේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 60ක් කියලා පසුගිය සති අන්ත පුවත්පත්වල පළවු මෙම දැන්වීම්වල සඳහන් වෙලා තියෙනවා. 2014 දී භූමිතෙල් ලීටරයක් අලෙවි වූ මිළ රුපියල් 106ක් බවත් එහි දැක්වෙනවා. සම්පූර්ණයෙන්ම අසත්‍යය තොරතුරු පදනම් කරගනිමින් මෙම දැන්වීම් නිර්මාණය කර තිබෙනවා.
මහජනයාගේ බදු මුදල් යොදා ගෙන විකෘති හා අසත්‍ය සංඛ්‍යාලේඛන ඇතුළත් කරමින් රට මුලා කිරීමට ගන්නා වූ එම උත්සාහය ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය ඉතාම පිළිකුලින් යුතුව හෙළා දකිනවා.
COMMENTS
අනේ ඒක තමා , මෙහෙමත් බොරු ප්‍රචාර, මේ මිනිසුන්ට මතක නෑනේ තෙල් ටික පවා කොච්චර ලාබෙට දුන්නද කියල . ආ...ගෑස් ටිකත් සැරෙන් සැරේට කොච්චර ලාබ කළා ද . ඒ එක්කම වඩේ එක පවා රුපියල් 10 ගානේ ලාබ වුණා . කල ගුණ නොදන්නා අය, මඩ ගහනවා. මෙහෙමත් බොරු කාරයන් . පොළොව පැලිලා අපාගත වෙන්න ඕන.
ඔය විදිහට බොරු කියා ඔබලාට බාධා කරනවානම්,ඔය නිවැරදි සංඛ්‍යා ලේඛනත් ගෙන අධිකරණයට ගොස් තමන් නිවැරදි බව ඔප්පුකරන්නකෝ .හොඳ වන්දියක් ගන්නත් පුළුවන්. ආණ්ඩුව ගෙදර යවන්නත් පුළුවන්.ඔබලාට බලයට එන්නත් පුළුවන්.අනේ හැබෑටම ඇයි එහෙම නොකරන්නේ ? ආණ්ඩුවට ඇති ආදරයටද ? " කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ " කියලා කියන්නේ මෙන්න මේ වෙලාවට තමයි." හදවත මනින කැඩපත මුහුණ " යයි කියා කියමනක් තියෙනවානේ.මෙතුමාගේ මුහුණ දකින විට කියන්නේ මොනවද කියා හිතාගන්න පුළුවන්.
අනේ ඔව්. මේ තරම් රටට සේවය කරපු එතුමා. මෙතුමා ඇතුලු හැමෝම එකතුවෙලා කරපු රටට දරාගන්න බෑ. මේ අය කට්න්ද කතා කරන්නේ. 2500 අරන් පවුලක් ජීවත් වෙන්න පුළුවන් කියපු මහා ආර්ථික මොලය හොදයි ජාත්‍යාන්තරයට රටම කාපු එවුන් කඩේ යන පල් හොරු
සම්ප්‍රප්පලා කියන්නේ නැතිව නුගත් ගෝලයන් සෙට් එක අරගෙන අර කඩා වැටෙන වැව් බැමි බඳින්න යනවා හලෝ . තමුසෙලා තමයි විනාශයට වග කියන්න ඕනේ.
බන්දුල මහතා මේගොල්ලෝ පටන් ගත්තෙම බොරු ප්‍රචාර වලින්. 62 ඒවා විස්වාස කරලා තමනුත් අමාරුවේ වැටුනා රටත් අමාරුවේ දැම්මා, අපිවත් අමාරුවේ දැම්මා.
ඒකනේ. මෙතුමන්ලගේ කාලේ අපේ මුළු පවුලම රු.2500කින් මාසයක් හොඳට කාලා බීලා හිටියනේ. දැන් ඉන්න අය බොරු කියා කියා මඩ ගහන එක විතරනේ කරන්නේ.
කාටද මේ කොල කඩන්නේ?
ඉරානයෙන් වසර 10 කට පමණ පෙර ලබා ගත් ඉන්ධන වෙනුවෙන් ගෙවිය යුතු ඇමෙරිකා ඩොලර් මිලියන 250 ක පමණ මුදලක් ( රුපියල් කෝටි 3,975 ක පමණ ) වහාම ගෙවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් ඇමැති මංගල සමරවීර මහතාට දැනුම් දී තිබේ.
මංගල කියන්නේ ගොබෙල්ස්ගේ තාත්තටත් වඩා බොරුකාරයෙක් කියල රටම දන්නවා. 2015 දී මිනිස්සු රවටුනාට 2018 දී හොද උත්තරයක් ලැබුණානේ. දැන් තෙල් මිලෙන් බැටකන මිනිස්සු ඉදිරි මැතිවරණ වලදී එයටත් වඩා හොද උත්තරයක් දෙවි. මහින්ද මහත්තයාගේ කාලේ තෙල් බැරලය ඩොලර් 128 ත් ගියා. අද තියෙන්නේ ඒ මිලෙන් බාගෙට. දැන් කොහොමද තෙල් මිල. මෙයාලගේ අවුරුදු 3 න් 2 කදිම තෙල් බැරලය තිබුණේ ඩොලර් 40 ට අඩුවෙන්. එහෙමත් ලැබ ලබද්දී තමයි මහා බැංකුවටත් වැඩේ දුන්නේ. මේකද මිනිස්සු බලාපොරොත්තු උණු වෙනස ?
රෑ වැටුණ වලේ කට්ට දවාලේ වැටෙන්නේ නැහැ .