නිමන්ති රණසිංහ
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ චෝදනා හා වරෙන්තුවේ පිටපත් ඔහු වෙත ලබාදීම සඳහා නීතිපතිවරයා විසින් දැනුම් දුන් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට අද (30) දැනුම් දුන්නේය.
ඒ අනුව මහ බැංකු අධිපතිවරයා ඉල්ලා ඇති ලේඛන ඔහු වෙත මුදාහැරීම සඳහා විරුද්ධත්වයක් නැති බව ජාත්‍යන්තර පොලිසිය වෙත දැනුම් දුන් බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් හා එහි විධායක නිලධාරි කසුන් පලිසේන යන දෙදෙනා සැප්තැම්බර් 13 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd