(නිමන්ති රණසිංහ)
අල්ලස් නඩුවක් සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම්ව සිටි හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ලබන 8 වැනිදා සිට දින 16ක් විදෙස් ගතවීම සඳහා අවසර ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද(31) තීරණය කළේය.
ඒ අනුව අලුත්ගමගේ මහතාගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරිණි.
පෞද්ගලික අවශ්‍යතාවයක් වෙනුවෙන් ලබන අගෝස්තු 8 සිට 23 දක්වා දිනවල ඇමරිකා එක්සත් ජනපදයට යෑමට අවශ්‍ය බැවින් සිය විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන්නැයි ඔහුගේ නීතිඥවරයා විසින් මෝසමක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රභූ හොරුන්ට එක නීතියක් 3 වෙනි පන්තියේ හොරුන්ට වෙනම නීතියක්ද?
ආපහු ඒවිද?