තමාගේ රුව යොදාගෙන දේශපාලනයේ යෙදෙන ඇතැම් කණ්ඩායම් නීත්‍යනුකූල නොවන ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් තමාට කිසිදු වගකීමක් නැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත.
විවිධ දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම්ද දේශපාලන කටයුතු සඳහා තම රුව යොදාගෙන ඇති බවත් ඒ සඳහා තමාගේ අකමැත්තක් හෝ විරෝධතාවයක් ප්‍රකාශ කඑ නැති බවත් දන්වා ඇති රාජපක්ෂ මහතා එවැනි නීත්‍යනුකූල නොවන අන්දමින් කටයුතු කරන්නන්ට එරෙහිව මැතිවරණ කොමිෂම නීත්‍යනුකූලව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද එහි සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"තමාට කිසිදු වගකීමක් නැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා...." ඒක ඉතින් අළුත් දෙයක්ද ? කටේ මසුරන් දාන්න වටිනවා ! ඡන්දෙන් පස්සේ එයා මොනාද වගකීමකින් කියල, කරලා තියෙන්නේ ?
නන්දලාල්, ඔයා හරියටම හරි කිව්වා. කටේ මසුරන් දාන්න වටිනවා.
කිසිම වෙනසක් නැහැ එදා වගේම තමයි අදත්. කියන්නේ නම් අලුත් දේශපාලන සංස්කෘතියක් හදනවා කියල. නීති විරෝධී හෝ සදාචාර විරෝධී වැඩවලට කවදද මෙයා විරුද්ධ වුනේ?