(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු )
හලාවත මුහුදු වෙරළෙ පාගමින් සිටි පිරිසක් අතර සිටි 33 වියැති තරුණ එක් දරු මවක් අද (01) පස්වරු මුහුදෙහි ගිලි මියගොස් ඇති බව හලාවත පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ වාරියපොල බමුණාකොටුව ගිණිමාන ප්‍රදේශයේ විසු එම්.එම්.ටි.කෙසෙල්හේන ( 33 ) මවකි. ඇයට වයස අවුරුදු 7 ක පුතෙකු සිටින බවත් කියයි.
මිය කාන්තාව හා තවත් පිරිසක් අද (01) දහවල් හලාවත මුන්නේශ්වරම ඊශ්වර දේවාලය වැඳ පුදා ගැනීම පිණිස පැමිණ දිවා ආහාරය ගෙන විනෝද විම පිණිස හලාවත මුහුදු වෙරළට පැමිණ ඇති බවත් කියයි.
පිරිස පස්වරු 2 ට පමණ රැල්ල පාගමින් සිටි අතර හදිසියේ ආ මාරියාවකට හසුව මියගිය අය ඈතට ගසාගෙන ගොස් ඇති බවත් පොලිසිය කියයි. මේ අවස්ථාවේ දි මුහුදෙහි ගිලුණු ඇය බේරා ගැනීමට තැත් කළත් එය අසාර්ථක වි ඇති අතර එම අවස්තාවේ දි එහි පැමිණි ධීවරයන් සිව් දෙනෙකු මුහුදට පැන පිහිනා බලවත් පරිශ්‍රයක් යොදා ගිලුන ඇයව ගොඩ ගෙනා නමුත් ඒ වන විටත් අය මිය ගොස් සිටි බවත් කියයි.
සිද්ධිය වන අවස්ථාවේ දි වෙරළෙහි පන්දහසකට ආසන්න පිරිසක් රැළ පාගමින් සිටි බවත් කියති. මුහුදෙහි අනතුරු දායක තත්ත්වයක් ඇති බැවින් වෙරළෙහි රැළි පෑගිමේ දි ප්‍රවේශම් වන ලෙසට දැන්විම් සවි කර ඇතත් එය ගණන් නොගෙන රැළි පෑගීමට ගිය නිසා මෙම අනතුර සිදුව ඇති බවත් කියයි.
මෘත ශරීරය හලාවත රෝහලෙහි තැන්පත් කර ඇත. හලාවත පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් කණගාටුදායක පුවතක් .... ජීවිතය කොතරම අනියතද ??? අනෙකෙකු ජීවත් කිරීමට තම ජීවතය පරදුවට තැබූ ධීවරයන් සිවු දෙනාට මගේ ප්‍රණාමය .... මුදලට තම ආත්මය විකුණන මිනිසුන් සිටින රටක ලෝකෙක මෙවෙනි මිනිසුන් සදා අමරණීයයි.....
ඉතාම ධාර්මික ජීවිතයක් ගත කළ මවක්. නිවන් සුව!