( ඔගස්ටින් ප‍්‍රනාන්දු)
හලාවත කළපුව හරහා මසුන් මැරිමට යමින් සිටි ධීවරයකු අද (20) බෝට්ටුවෙන් මුහුදට වැටී අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි.
මෙසේ අතුරුදහන්ව ඇත්තේ හලාවත අඹකඳවිල සඳුන්වත්තේ වත්ත ප‍්‍රදේශයේ විසු මුතුපෝරුතොටගේ ඇන්ටන් ලක්ෂ්මන් (46) නමැති පුද්ගලයෙකි.
අතුරුදහන් පුද්ගලයා තම හිතවතෙකු වන අඹකඳවිල සඳුන්වත්තේම පදිංචි තවත් ධීවරයෙකු සමඟ අද ( 20 ) අලුයම 4 ට පමණ එක් දින යාත‍්‍රාවකින් හලාවත කළපුව ඔස්සේ හලාවත මෝය හරහා ඈත දියඹට යාත‍්‍රා කරමින් සිට ඇති බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd