IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


මාස කිහිපයක් තිස්සේ රටවල් 5කට ලක් තානාපතිවරු නෑ

(තිළිණි ද සිල්වා )
 
මාස කිහිපයක් සිට ලොව ප‍්‍රධාන පෙළේ රටවල් පහක් සඳහා ශ්‍රී ලංකා තානාපති ධූර හිස්ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
 
මෙලෙස පුරප්පාඩුව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය , බ්‍රිතාන්‍යය ,රුසියාව , බ‍්‍රසීලය සහ කෙන්යාව යන රටවල ශ්‍රී ලංකා තානපති සහ මහ කොමසාරිස් තනතුරුය.
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ධූරය මාස 9 ක ආසන්න කාලය තිස්සේ පුරප්පාඩු වී පවතින අතර එම ධූරයේ කටයුතු කළ ප‍්‍රසාද් කාරියවසම් මහතා ඉකුත් වසරේ අගෝස්තු මාසයේ දී විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ධූරයේ රාජකාරි කටයුතු බාර ගැනීමත් සමඟ එම ශ්‍රී ලංකා තානාපති ධූරය හිස්ව පවතින්නේ යැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
 
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස කටයුතු කළ  අමරි විජයවර්ධන මහත්මිය ඉකුත් පෙබරවාරි මාසයේ සිට එම තනතුරින් ඉවත් වූ අතර ඒ අනුව එම ධූරයද මේ වන තුරුත් පුරප්පාඩු වී පවතින බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.රුසියාවේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් කටයුතු වෛද්‍ය සමන් වීරසිංහ මහතා ද ඉකුත් මාර්තු මාසයේ සිට එම ධුර සේවා කාලය අවසන් කළ අතර ඒ හේතුවෙන් එම තනතුර සඳහා මෙතෙක් කිසිවකුත් පත් කර  නොමැත.
 
මේ අතර බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ධූරයද මාස 8 ක් තිස්සේ හිස්ව පවතින අතර එරට ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ හිටපු යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතා ඉකුත් අගෝස්තු මාසයේදී යළි දිවයිට පැමිණීමත් සමඟ මෙම ධූරය හිස්විණි.
 
කෙන්යාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස කටයුතු කළ චූල පත්මේන්ද්‍ර දහනායක මහතා ද මේ වන විට එම ධූරයේ කටයුතු නොකරන අතර එබැවින්  එම ධූරයද හිස් ව පවතී.



අදහස් (12)

මාස කිහිපයක් තිස්සේ රටවල් 5කට ලක් තානාපතිවරු නෑ

sachith Sunday, 06 May 2018 03:42 PM

තානාපති අංශය කියන්නේ රටේ තියෙන්න ඕනෑ ශක්තිමත්ම අංශයක්... විදේශීය රජයන් එක්ක ගනුදෙනු කරන්න ඕනෑ නිවැරදි තොරතුරු දෙන ස්ථානය. හොඳම උදාහරණය රුසියාවේ විදේශ ඇමති. එතුමාගේ පළමු රැකියාව ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ සංස්කෘතික නිලධාරි. හැබැයි ඇත්තටම කරන්නේ, ලංකාවේ ගුවන්විදුලියේ, පත්තරවල විස්තර ඉක්මණටම වාර්තා කිරීම... ලංකාවේ තානාපති සේවය තියෙන්නේ පාලකයන්ගේ නෑයන්ට, හිතවතුන්ට තානාපති වරප්‍රසාද වලින් පිස්සු නටන්න.

:       0       0

Sisili Bisili Sunday, 06 May 2018 03:56 PM

හොඳ වෙලාවට පත්තරේ දැම්මේ. තාම පත්තරේ දැක්කේ නැතුව ඇති.

:       0       15

Raveendra Sunday, 06 May 2018 04:38 PM

විස්වාස කිරීමටත් අපහසුය. මක්නිසාදයත් ඇම්බැට්ටයෝ , හෙන්චයියෝ දැන් ඈත්වෙලාද ? තානාපති සේවයට යන්නේ වැඩිපුරම ළගම චක්ගොලයෝනේ.

:       0       1

sanath Sunday, 06 May 2018 05:00 PM

මහින්ද මහත්තය නම් එයාගැන හොඳට ප්‍රශස්ති කියන කලාකාරයෙකුට නැත්නම් ජෙනරාල් කෙනෙකුට එහෙමත් නැත්නම් නෑදෑයෙකුට ඕව දීල ඕවර් ස්ටාෆ් කරලත් තිබුනේ.

:       0       1

Ajith Sunday, 06 May 2018 09:30 PM

වෙනසක් නැහැ ආණ්ඩුවට සල්ලි ඉතිරි වෙනවා තව මස හයක් ඔහොම යන්.

:       0       0

ධම්මික දිසානායක Sunday, 06 May 2018 10:32 PM

තානාපති මට්ටමේ ජේෂ්ඨ නිලධාරීන් විදේශ අමාත්‍යංශයේ කිසිදු විශේෂ රාජකාරියක් නැතිව ඉන්නවා. ඒ වෘත්තීය තානාපති නිලධාරීන්ට අදාල පුරප්පාඩුවලට පත් නොකරන්නේ ඇයි? කාලයක් ඔහොම ඉඳලා ඔන්න කවුරුහරි දේශපාලුවෙක් ඔය තනතුරුවලට පත් කරයි.

:       0       0

minipe Sunday, 06 May 2018 11:43 PM

ඔන්න මේ රජය මුදල් ඉතිරියට කල හොදම වැඩේ.

:       0       0

Bamunuarachchi Monday, 07 May 2018 03:30 AM

හිටියත් නැහැ වගේනේ... මොකක්ද ප්‍රශ්නය?

:       0       2

Bamunuarachchi Monday, 07 May 2018 03:30 AM

හිටියත් නැහැ වගේනේ... මොකක්ද ප්‍රශ්නය?

:       0       0

Mahee Monday, 07 May 2018 04:30 AM

ඉතින් ඔය ඉන්නේ පැරදිච්ච කට්ටිය... කෙළ හලාගෙන බලා ඉන්නවා ඇතිනේ. කෙන්යාවටවත් දමමුද කෙනෙක්? අනික්වා නම් ගොබ්බයින්ට අමාරුයි.

:       0       0

Perera Monday, 07 May 2018 09:55 AM

මාස ගාණක ඉඳන් හරි හමන් ආණ්ඩුවක්වත් නැති රටක තානාපතිලා නැති එක පුදුමද?

:       0       6

kalani withanage Monday, 07 May 2018 10:31 AM

ගුණපාල මලලසේකර වැනි මහ උගතුන්ගෙන් පෝෂණය වූ ශ්‍රී ලංකා තානාපති සේවය අද පත්ව ඇති අවාසනාවන්ත තත්වය ගැන පුරවැසියෙක් ලෙස කණගාටුවට පත්ව සිටිමි. තානාපතිවරයා තමා නියෝජනය කරන රට පිළිබඳ ප්‍රමාණික විද්වතෙකු මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික බැවින් පිරිපුන් කෙනෙක් විය යුතුය. දේශපාලකයින්ගේ හිතමිතුරෙකු හෝ පරාජිත පාක්ෂිකයකු වීමේ සුදුසුකම නිසා අපි ලෝකය ඉදිරියේ සරදමට ලක්ව සිටින්නෙමු.. ප්‍රධාන රටවල් පහක තානාපත්වරුන් පත්කර නොමැතිවීම බෙදුම්වාදී දුෂ්ට බලවේගවලට නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩ ලබාදීමකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කරනවා‘‘
2024 සැප්තැම්බර් මස 17 28 0

මේ රටට සතුටු දැයක් නිර්මාණය කිරීමට මේ රටේ ජනතාවට සතුටින් ජීවත් වීමට හැකි වාතාවරණයක් උදා කර දීම ආදරය සෙනෙහස ලබා දීම අපේ අරමුණ යැයි සර්ව ජන බල සන්ධානයේ ජන


‘‘රජයේ ප්‍රතිසංස්කරණ ඉදිරියටම යා යුතු බව අයි.එම්.එෆ් කියා තිබෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 17 99 0

වත්මන් රජය ගෙන යන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පත්වන නව රජයට කොන්දේසි තුනක් පනවමින් පවසා ඇතැයි ජනාධිපති රනිල් වික්‍


රියදුරාට නින්ද ගිහින් මාළු ලොරිය මාර ගසේ
2024 සැප්තැම්බර් මස 17 152 0

හම්බන්තොට සිට මහියංගනය දක්වා මාළු ප්‍රවාහනය කරන කුඩා ලොරි රථයක් අද (17) දා අලුයම කතරගම සෙල්ලකතරගම ප්‍රධාන මාර්ගයේ මයිලගම ප්‍රදේශයේ දී අනතුරට පත්ව තිබේ.


‘‘වංචනික දේශපාලකයන් ගෙදර යවන්න එක් වන්න‘‘
2024 සැප්තැම්බර් මස 17 255 0

දශක ගණනාවක් මුළුල්ලේ මේ රටේ සියලුම ජනතාව වංචාවෙන් බොරුවෙන් රවටන තමන්ගේ වාසිය පමණක් බලන චංචනික දේශපාලකයින් ගෙදර යැවීමට මාලිමාව හා එක්වන්නැයි ජාතික ජන


ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශය මහා නා හිමිවරුනට
2024 සැප්තැම්බර් මස 17 357 0

ජතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහි ජාතික විධායක සභික කේ ඩී ලාල්කාන්ත මහතා විසින් මහා නායක හිමිපාණන් වහන්සේලාට පිළිගැන්වීම අද පෙරවරුවේ සිදු කෙ


අවසන් රැලි හෙට
2024 සැප්තැම්බර් මස 17 787 0

ලබන 21 සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වි සිටින ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ , සමගි ජන සන්ධානයේ අපේක්ෂක විපක්ෂ නායක සජිත


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 84 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2147 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 995 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site