IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මුස්ලිම් පල්ලියෙන් බෞද්ධ හිමිනමකගේ මාපියන්ට නිවසක්


 
(අංජුල මහික වීරරත්න)

කොලොන්නාව ජුම්මා  මුස්ලිම් පල්ලිය,  බෞද්ධ භික්ෂුන් වහන්සේ  නමකගේ මාපියන් වෙනුවෙන් නිවසක් ඉදි කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේදී  මුදල් පරිත්‍යාගයක් කළේය.
 
කොලොන්නාව ජුම්මා පල්ලියේ අයි.වයි.එම්.අනීස් මෞලවි තුමන් විසින් පනාමුරේ විමල බුද්ධි හිමියන්ගේ මාපියන්ගේ නිවස ඉදි කිරීම වෙනුවෙන් මෙම මුදල් පරිත්‍යාගය කෙරිණි.
 
සේදවත්ත  වෙහෙරගොඩ  පුරාණ  විහාරස්ථානයේ  බෝධින්වහන්සේ වටා ඉදි කෙරුණු  රන් වැට විවෘත  කිරීම සහ අහිනව භික්ෂු නේවාසිකාගාරයට මුල් ගල තැබීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අවස්ථාවේදීමෙම පරිත්‍යාගය සිදු විය.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුයේ යුද්ධය නිසා තම පරපුරේ අනාගතය නැති වුවද තවත් එවැනි යුද්ධයකින් අනාගත පරපුරේ හෙට දවස අහිමි කිරීමට ඉඩ නොදෙන බවයි.

සේදවත්ත පුරාණ විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදී මෙම පින්කම පැවැත්විණි.
 
ඡායාරූප :- ශාන්ත රත්නායක 



අදහස් (5)

මුස්ලිම් පල්ලියෙන් බෞද්ධ හිමිනමකගේ මාපියන්ට නිවසක්

rocky Sunday, 11 March 2018 01:10 PM

මට මේ පුවත කියෙවුවම මතක් වුනා ඇත්ත කතාවක්. අවුරුදු විසි පහකට තිහකට ඉස්සෙල්ල හොරණ හිටිය සබානි කියල බොහොම හොඳ සමාජශීලී මුදලාලි කෙනෙක්. ඔහු පන්සලේ ඉදිකිරීම් වැඩ වලට එහෙමත් බොහොම නොමසුරුව ආධාර කෙරුවා.

:       1       87

tharaka Perera Monday, 12 March 2018 02:55 AM

වෙන සංවර්ධනයකුත් නැති එකෙඅ.. මෙහම දේවල් වලටවත් මුල් ගල තියන්න ඕඅන

:       87       50

Pradeep Liyanage Monday, 12 March 2018 07:39 AM

අපේ බෞද්ධ විහාරස්ථාන කොච්චර තියනවද විශාල වශයෙන් මුදල් ආධාර ලැබෙන. දඹුල්ල, අවුකන සහ අනුරාධපුරයේ ඇතැම් විහාරස්ථාන වලට විශාල වශයෙන් ආධාර ලැබෙන බව ප්‍රසිද්ධ කාරණයක්. එමෙන්ම කතරගම, සීනිගම සහ මුන්නේශ්වරම් වැනි දේව වන්දනා කරන ස්ථාන වල තත්වයත් එසේමයි. එම මුදල් වලින් මෙවන් කටයුතු ඕනෑතරම් කිරීමට හැකි වුනත් එසේ නොකිරීම කණගාටුවට කාරණයක්. ඒ වගේම සමහර පන්සල්වලට විදුලි බලය නෑ, සමහර පන්සල් වල දහම් පාසල් වල අඩුපාඩු. ඇයි අපේ මහනායක හිමිවරු සහ අදාල දේව වන්දනා ස්ථාන භාර කපු මහත්වරු මේවා නිසි ලෙස කළමනාකරණය කිරීමට මුලිකත්වය ගන්නේ නැත්තේ?

:       0       10

jayanaath Monday, 12 March 2018 02:55 PM

අගය කලයුතු ක්‍රියාවක් මේ. අගයමි මේ මුස්ලිම් ප්‍රජාවගේ ආදර්ශමත් කටයුත්ත දේශපාලනය ගෑවුණා වුණත් .! අප ලක්බිමේ වෙන අවකල් ක්‍රියා දැක දැක " ඇහැ කන හා කට වසාගෙන" ලොක්කන්ට පිරිත් නූල් බැඳ බැඳ විහාර මන්දිරයට වී වැඩ වසනා ගරු මහනායක හිමිවරුන්ගේ ඇස් ඇරේවා..! මේ රටේ අසරණ ජනයා ගැන... තමන්ගේ සුඛවිහරණයට මේ නිශ්චලව නිහඬව වැඩ වාසය කළාට, එතුමන්ලාට කෙතරම් දේවල් කල හැකිද? රටේ හැමතැන්හි ම තිබෙන මේ මහා ප්‍රධාන පන්සල්වලට ලැබෙන ධනස්කන්ධයෙන් බෞද්ධයිනට මෙන් ම අනෙකුත් ආගමික ප්‍රජාවන්ටත් උදව් කළ යුතු නොවේද?

:       0       1

Aluthgama A. Samathasena. Tuesday, 13 March 2018 09:52 AM

ඇත්තටම ඉතාමත් වටිනා වැඩක්.සිංහල මුස්ලිම් සමගියට මෙය කදිම නිදසුනක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site