IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


මව ශ්‍රී ලංකාවට පිටුවහල් කර දරුවා ඕස්ට්‍රේලියාවේ රඳවාගනී

(ඩේලිමිරර් ඇසුරෙනි-042)

තම පුත්‍රයා ඕස්ට්‍රේලියාවේ සිටිද්දී ශ්‍රී ලංකාවේ මවක ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කර ඇතැයි කෙයන්ස් පෝස්ට් වාර්තා කරයි.

ඇය ඉකුත් වසර අවසානයේදී ශ්‍රී ලංකාවට යැවූ බව නිලන්ති සේනාරත්න මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රෑන්ක් ලන්සා මහතා පවසයි.

ඇගේ පුතාට හදාවඩාගත් මිත්තණිය සමග එරට රැඳී සිටිමට අවසර ලබා දී ඇති අතර ඔහු කෙයන්ස් හී ප්‍රාථමික පාසලක ඉගෙනුම ලබයි.

ආගමන ඒජන්සියේ කීමට සේනාරත්න මහත්මිය ව්‍යාජ ලෙස සරණාගතභාවය ඔප්පු කිරීමට ගොස් ඇතැයි ද වංචා චෝදනාවකට එම ආයතනයේ ලියාපදිංචිය අහෝසි කර ඇතැයි ද ලන්සා මහතා පවසයි.ඒ මීට වසර දහයකට පෙර දී බවද ඒ මහතා කියයි.

 “එම ආයතනය ව්‍යාජ අයදුම්පතක් සැකසීමට ඇයට බල කර තියෙනවා.ඒක සම්පූර්ණයෙන් වැරදියි.ඒ කාලයේදී ඇය අතින් වූ එම අත්වැරැදීම් ඇගේ වර්තමාන තත්ත්වය පිළිබිඹු නොකරන බව අපි ප්‍රකාශ කිරීමට උත්සහ කළා.නමුත් අමාත්‍යවරයා ඒවා සලකා බැලුවේ නැහැ.අවසානයේදී ඇය සරණාගතභාවය සම්බන්ධයෙන් බොරු කී බවට ඔහු තීරණය කළා.“යැයි ඔහු පවසයි.

ඇගේ පුත්‍රයාට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටිමට ඉඩ ලබාදෙමින් ආගමන විගමන අමාත්‍ය පීටර් ඩුටෝන් තම තීරණය ප්‍රකාශ කර ඇත.  

ඇගේ පුතාට තව වසර 10කින් පුරවැසිභාවය සඳහා අයදුම් කළ හැකි බවත් ඉන්පසුව ඇගේ මවට අනුග්‍රාහකත්වය ලබාදෙන ලෙසට ඉල්ලා සිටිය හැකියි.

 “ඇගේ අයදුම්පත ‘තමන්ට සිටින එකම ඥාතින් මත සකසන‘ වීසා අයදුම්පතක් විය යුතුව තිබුණා. දකින විදියට නම් එලෙස අයදුම් කළානම් එය අනුමතවීමට තිබුණා. ඇය අපි ගාවට පැමිණියේ ඇගේ සරණාගත අයදුම්පත ප්‍රතික්ෂේප වෙලා අමාත්‍යවරයාත් ඒක ප්‍රතික්ෂේප කළාට පස්සෙ“ලන්සා මහතා කියයි.

එය කනගාටුදායක සිද්ධියක් බවත් ඇගේ පුතාට හෝ ඕස්ට්‍රේලියාවේ සිටීමට ඉඩ ලබාදීම ගැන සතුටු වන බව ඒ මහතා පවසයි.

“ඇය මාංචු දමා රැගෙන යාම ප්‍රශ්නයක් නෙමේ.ඇයට ගුවන් ටිකට් පතක් ලබාගැනීමට සහයා ලැබුණා.ඇයව ගුවන් යානය වෙත ගෙන ගොස් දැමුවා.ඇයට මෙරට රැඳී සිටිමට අවසර ලැබුණානම් ඇය සතුටු වෙයි.නමුත් වීසා නොමැති නිසා ඇයට නොහැකි වුණා.මම දන්නා තරමින් ඔහුට මෙහේ ආරක්ෂිතව සිටිමට පුළුවන් වෙයි.ඔහුට ඔහුව හඩාවඩාගත් මිත්තණියගේ ආදරය රැකවරණයි තියෙනවා.ඒ වගේම කෙයන්ස්වල ඔහුට ඥාතියකු සිටිනවා“ලන්සා මහතා කියයි.



අදහස් (4)

මව ශ්‍රී ලංකාවට පිටුවහල් කර දරුවා ඕස්ට්‍රේලියාවේ රඳවාගනී

දිමුත් Tuesday, 04 April 2017 06:36 AM

ඒ වුණාට මවගේ ආදරය වගේ දෙයක් නැහැ.

:       29       24

sam Tuesday, 04 April 2017 07:03 AM

මයිග්‍රේෂන් ඒජන්ට් කියා කියාගන්නා බොහොමයක් ආයතන ඕස්ට්‍රේලියාවේ නීතිය තියා සාමන්‍ය දැනීමක්වත් නොමැති කුමන ආකාරයෙන් හෝ මුදල් ඉපයීම තම අරමුණ කරගත් පිරිසක් බව ඔප්පු කිරීමට තවත් උදාහරණයක් .

:       14       11

Indrajith Tuesday, 04 April 2017 08:17 AM

මාරාන්තික උණ වසංගත 3 කින් රටක් ගිල ගනිද්දී එය නොතකා දොස්තරලාට වැඩ වර්ජනය කරන්නැයි බලකරන මේ මිනීමරු දොස්තරලා ඇතුළු ත්‍රස්තවාදී නායකයන්ට සහ ජනාධිපති මන්දිරයේ අනවශ්‍ය රටට උහුලන් නැති උත්සව පවත්වන ජනාධිපතිට එරෙහිව ජනතාව අනුකම්පා විරහිතව කටයුතු නොකරන්නේ නම් උණ වසංගතයෙන් මිය යෑමට හිත හදා ගත යුතුය.

:       2       18

nalaka Tuesday, 04 April 2017 08:21 AM

උපන් රට වන ශ්‍රී ලංකාවට යන්න බැරි බව කියා බොරු හදා සරණාගතයන් බවට අයදුම් කරපු තවත් බොරු කාරියක් පමණයි. දරුවා දමා ලංකාවට එන මවක් කියන්නේ නියම මවක් නෙමෙයි. ඇත්ත මවක් නම් ලමයව අරන් එන්න ඕනේ. කාටවත් ලංකාවේ ඉන්න බැරි වාතාවරණයක් නැහැ... මුන් ගැන අනුකම්පා නොකර ව්‍යාජ තොරතුරු ලබාදී ශ්‍රී ලංකා නාමය අපකීර්තියට පත් කලට ලංකාවේදී දඬුවම් දිය යුතුයි...

:       117       118

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1104 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1127 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site