මැලේසියාවේ අග්‍රාමාත්‍යධුරයට පත්වූ මහතීර් මොහොමද් මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පණිවුඩයක් යවා තිබේ.
මහතීර් මොහොමද් මහතා සතු දැනුම, දැක්ම හා කැපවීම මැලේසියාව සෞභාග්‍යයේ ඉහළටම ඔසවා තබනු ඇතැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.
“ඉකුත් පැවැති මහ මැතිවරණයෙන් ඔබ ලැබූ ජයග්‍රහණයට මාගේ සුබ පැතුම්. ඔබේ ප්‍රඥාව, විවිධාංගීකරණය වූ අත්දැකීම්, ඔබේ කැපවීම හා දැක්ම මැලේසියව සෞභාග්‍යයෙන් පරිපූර්ණ රටක් බවට පත් කිරීමට මඟ පාදවනු ඇත.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතීතයේදීත් වර්තමානයේදීත් සාම්ප්‍රදායික සහ දීර්ඝකාලීන මිත්‍රත්තවයක් පවත්වාගෙන පැමිණි රටවල් දෙකක්. මෙම සාම්ප්‍රදායික හා නූතන මිත්‍රත්වය අද වනවිට විවිධ පැතිකඩවලට පැතිර ගොස් තිබෙනවා.
මෙම සමීප, ශක්තිමත් සහ සුහද මිත්‍රත්වය ඉදිරියටත් පවතිනු ඇතැයි මා විශ්වාස කරනවා. එම මිත්‍රත්වය අනාගතයේදීත් අපේ රටවල් දෙකට බොහෝ ප්‍රතිලාභ ගෙන දෙනු ඇතැයි මා විශ්වාස කරනවා.
මා නැවත වරක් ඔබට සුබ පැතුම් එක් කරනවා. ඔබේ රාජකාරී කටයුතුවලටත් පෞද්ගලික සුබ සිද්ධියටත් මගේ උණුසුම් සුබ පැතුම්”.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කරුමෙට කිසිම ඡන්ද පදනමක් නැති මේ අයගේත් කල්පනාව මැරෙනකම්ම අගමැතිකම් කරන්න වගේ...
මගෙත් හිතේ තියෙන්නේ හැමදාම නොහොත් සදාකල් පිං අගමැති වීමේ පරම පිවිතුරු අවංක අදහසයි. එබැවින් රට සුන්නත් දූවිලි වෙලා ගියාට නම් ගැටළුවක් නැත. මගේ පුටුව මට තිබුණාවේ හරිය... අමතක කරන්න එපා මේ දවස්වල මම බිත්තර ආප්ප, පැණි ආප්ප හොඳින් අනුභව කරනවා...
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සම්බන්ධයක් ගැන කියන්නේ ඇයි? මැලේසියා අගමැතිට ලක් අගමැති සුබ පතද්දී... හරි පුදුමයි!!!.
ඔව්... වැඩ පටන් ගත්තේ හිටපු අගමැතිව රටින් බැහැරව යන එක තහනම් කරලයි.
මේ මොනවද ලියලා තියෙන්නේ? ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතීතයේදීත් වර්තමානයේදීත් සාම්ප්‍රදායික සහ දීර්ඝකාලීන මිත්‍රත්වයක් පවත්වාගෙන පැමිණි රටවල් දෙකක්. මෙම සාම්ප්‍රදායික හා නූතන මිත්‍රත්වය අද වනවිට විවිධ පැතිකඩවලට පැතිර ගොස් තිබෙනවා.