නිමන්ති රණසිංහ
පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සඳහා ලංසු තැබීමට ව්‍යාපෘතියක් නිර්මාණය කර රුපියල් මිලිය 698ක මුදල් අක්‍රමිකතාවක් සිදුවීයැයි කියන සිද්ධියක් ගැන හිටපු මහ බැංකු අධිපතිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අවසර ලබා දුන්නාය.
2012 වසරේ ආරම්භ කළ ටීඩබ්ලිව්ඩී හම්බන්තොට නම් ව්‍යාපෘතියෙන් මෙම මූල්‍ය අක්රමිකතාව සිදුවී ඇතැයි මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සිල්ලර විතරයි!
රනිල්ගේ වැරදි පමණක් පෙනෙන,පෙර වැරදි නොපෙනෙන,තමන්ගේ පැත්තේ කප්පරක් වැරදි නොපෙනෙන,සත්‍ය පෙන්වාදෙන අයට මඩ ගහන,කොටළුවන් යයි කියන, බමුණුආරච්චි මහතා ඇතුළු කණ්ඩායම නිහඬ ඇයිදැයි නොතේරේ.ඒකපාක්ෂික විද්වතුනි, ඔබගේ බුද්ධිය යොදවා මේවා බොරු යයි කියා කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරනු මැන.රට රවටනු මැන.අපගේ තර්කය වනුයේ පෙර සහ අලුත් සියලු හොර මැර මිනීමැරුම් වලට දඬුවම් හිමිවිය යුතු බවයි.ඔබ නිතරම පැවසුවේ අප වැරදි බවයි.හදවතට අත තබා හදවත කුමක් පවසන්නේදැයි විමසා බලනු මැන.
මේ දේවල් එක්තරා යුගයක බලපත්‍ර සහිතව කරපු දේවල් . සීමාවක් නැහැ . කිසිදු දෙයක් කලේ නැහැ වගේ , අනුන්ට චෝදනා කරනවා සුදොනෝ වගේ මේ සෙට් එකම .
සොයා බලන්න. නමුත් පරීක්ෂණ අවසන් කර නීතිපති කාර්යාලයට බාර දුන් ගොනු අසූවකට වැඩි සංඛාවක් තවමත් රැඳී තිබෙන බව අසන්නට ලැබෙයි.
හැම එකම ප්‍රශ්න කිරීම විතර නේ.
ඒ් ඇයි ද දන්නවද?මෙ ඔක්කොම එකම ගහේ බඩු .වෙනස පැහෙන්නෙ එක ඒක කාලේට.
මේකත් ජනතාව මුලා කරන සංදර්ශනයක්. කොයි කාලේද මේක වුනේ? දැන් මේ ආණ්ධුව බලයට ඇවිල්ලා කොච්චර කල්ද? කී දෙනක්ට දඬුවම් දුන්නේ? මොන විශ්වාසයද දඬුවම් දෙවි කියලා? තවත් ඉතුරුවී ඇත්තේ මාස 18ක් වගේ ඉතා කෙටි කාලයයි. අර හිරුණිකා ආණ්ඩු පක්ෂයේ ඉන්න නිසා තමයි එතුමියගේ පියාණන්ට සාධාරණයක් ඉටුවුණේ. ඒ දඬුවමුත් 2020න් පසුව තියේවිද දන්නේ නැහැ?
දැන් පසුගිය දවසක් මෙයා කීවනේ ගිය වසරේ මේ ආණ්ඩුව ගත්ත මුදල් වලට කල දෙයක් නෑ කියලා දැන් බලමුකෝ මෙයා ඉන්න කාලේ ඒ ආණ්ඩුව ගත්තා කියන මිලියන 698ක මුදලට මෙයා ඇතුළු උන්න රජයේ අය කරලා තියෙන්නේ මොකක්ද කියලා.