
(හර්ෂණ තුෂාර සිල්වා)
හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස නම් කරනු ලැබ ඇත.
විදේශ සබඳතා අමාත්‍යාංශය මිලින්ද මොරගොඩ මහතාගේ නම පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට යවා ඇත.
එක්සත් ජාතික පක්ෂයෙන් 2001 වසරේදී පාර්ලිමේන්තුවට පිවිසි මොරගොඩ මහතා අමාත්‍ය ධුර කිහිපයක් හෙබ වූ අතර පාත් ෆයින්ඩර් ආයතනයේ නිර්මාතෘවරයා ද වේ.
මොරගොඩ මහතා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් සිටියදී ඔහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස ද කටයුතු කළේය.
හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා 2018 වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ වසරේ ජනවාරි මාසය දක්වා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය හෙබ වූ අතර හෙතෙම නැවත මෙරටට පැමිණීමත් සමඟ එම ධුරය මාස හතක් තිස්සේ පුරප්පාඩුව පැවැතිණි.
ඉන්දියාවේ, ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් නිලූක කදුරුගමුව මහතා එම කාලයේදී වැඩබලන මහ කොමසාරිස්වරයා වශයෙන් කටයුතු කළේය.
අසල්වැසි ඉන්දියාව ශ්‍රී ලංකාවේ ඉතා ප්‍රමුඛතම සහ වැදගත්ම රාජ්‍ය තාන්ත්‍රික පාර්ශවය වේ.
විදේශ සබඳතාවලදී ඉන්දියාවට ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළ අතර ආරක්ෂාව සහ උපායමාර්ගික කරුණුවලදී ඉන්දියාවට මුල්තැන දී කටයුතු කරන බව විදේශ ලේකම් අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා මෑතකදී පැවැසීය.
ශ්‍රී ලංකාව සිය ප්‍රථම විදේශ දූත කාර්යාලය විවෘත කළේ ද ඉන්දියාවේ ය. ඉන්දියාවේ නවදිල්ලි නුවරදී 1948 වසරේදී එම කාර්යාලය විවෘත කෙරුණි. ශ්‍රී ලංකාව (එවකට සිලෝන්) සහ ඉන්දියාව අතර මුල් වරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළේ ද 1948 වසරේදී ය.
ඊට පෙර ශ්‍රී ලංකාවේ නියෝජිතයකු ඉන්දියාවට පත් කර තිබූ අතර ශ්‍රී ලංකාවේ නියෝජනය කරමින් එම ධුරයට මුල්වරට පත් කෙරුණේ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක ය. ඔහු එම ධුරයට පත් කෙරුණේ 1942 වසරේදී ය. ඉන් අනතුරුව මෙරටින් බිහි වූ විශිෂ්ටයන් ගණනවක් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්ධුරය හොබවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන අනාථයින් මේ වගේ තනතුරුවලට පත්කරනවාද?
ජනපතිතුමනි, මේ ඔබේ පරිහානියක අැරඹුමයි. මේ වාගේ දේවලින් නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට තියෙන ගෙෘරවය නැතිවෙනවා. මේ වගේ කෙනෙක් බුදුන් වහන්සේ උපන් දේශයට යැවීම මොනවාගේ වැඩක්ද? - බෞද්ධයා ගැන මොන අදහසක් ඉන්දියාවට දෙයිද? ලංකාවේ ඉන්න හාමුදුරුවරු උඩබලන් ඉන්නේ අැයි?
පටන්ගත්තා විතරයි මේ ආණ්ඩුවත් රුවිතෙට යන්න පටං අරන්...
ඔබ ඔබේ වගකීම ඉටු කරන්න. මම මගේ වගකීම ඉටු කරන්නම්.
මෙයා නේද අර පංසලේ පිරිත් දානවා කියලා නඩුදැම්මේ..? බුද්ධගයාවටත් නඩුදායිද?
මී කඩන්නෝ, අත ලෙවකන්නෝ, ඒක නොදන්නෝ මෝඩයින්මය..
කොල්ලා කොහොමහරි බොරු ටෝක්ස් දීලා ජොබ් එකට සෙට් වුණා. හරි විශිෂ්ඨයි සර්...
බලයට පත්වෙලා තියෙන රජය බලයට ගෙන එන්න මහන්සි වුණු අයගෙන් බහුතරයක් ඒ කාලයේ මොරගොඩ මහත්මයාව පතුරු ගැහුවා... ඇමරිකන් කාරයින්ගේ ඒජන්තවරයෙක් කියලා. රට විකුණන කෙනෙක් කියලා. ඉතින් දැන් මේ පත්වීම කරලා තියෙන්නේ ජනාධිපතිවරයා විසින්මයි. අහන්න තියෙන්නේ දැන් සැපද කියලා තමයි. ලංකාවේ දේශපාලනය හරි අපූරු ගේම් එකක්. බලය ඉදිරියේ ප්‍රතිපත්ති කියන දේ හිස්වචන විතරයි.
එහෙට මෙහෙට පැන පැන හිටියට පාඩු නෑ වගේ නේද?
එහෙත් ශබ්ද විකාශන යන්ත්‍ර මෙහෙට වඩා වැඩිය?භාවිතා කෙරෙනවා ඔන්න. පොඩ්ඩක් බලාගෙනයි.
දන්න ඉටිගෙඩියක් නැහැ. මීට වඩා හොඳයි ඉස්කෝලෙ යන කොල්ලෙක් පත් කළා නම්... යන්නේ කොහේද මල්ලෙ පොල්...
හරි ශෝක් පත්කිරීමක්...!!! මෙයා කවුද...? පාත් ෆයින්ඩර් කියන ඇමෙරිකානු රාජ්‍ය නොවන සංවිධානයේ නිර්මාතෘවරයායි. ඇමෙරිකානු ජාතික බිරිඳකගේ ස්වාමියා වන මොහු ඇමෙරිකානු ගැත්තෙක්. ඒ මදිවට කොළඹගේ කියන්නෙත් මෙයාගේ පාත් ෆයින්ඩර් ආයතනයේ සාමාජිකයෙක්. අපේ රටේ තිබු ජනප්‍රිය මූල්‍ය ආයතනයකට රුපියල් කෝටි ගණනක වංචාවක් කළබවට චෝදනා ඇති අතර එය ඔහුගේ පියා විසින් කරන ලද්දකැයි කියයි. රටට, ජාතියට ආදරේ නැති මෙවැන්නන් හැර විදේශ සේවයේ දක්ෂයෙක් සොයාගැනීමට රජයට නොහැකිවුනේ ඇමෙරිකානු බලපෑම නිසාද?