IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මොරගහකන්ද ජල මට්ටම ස්වයංක්‍රීය විදුලි ජනනයට මීටර් 4ක් මෑතින්

ඉන්දික අරුණ කුමාර

මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම තවත් මීටර් හතරක් ඉහළ ගියහොත් විදුලි උප්පාදන  යන්ත්‍ර ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන බව ව්‍යාපෘති මහජන සම්බන්ධතා නිලධාරී පී.ජී. දයානන්ද මහතා පැවැසීය.

මධ්‍යම කඳුකරයේ රිවස්ටන් හා නකල්ස් කඳු ප්‍රදේශයට ඇදහැලෙන තද වැසි හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඊයේ (6) සවස වන විට මීටර් 170 දක්වා ඉහළ ගොස් ඇති බවත් එය මීටර් 174 දක්වා ඉහළ ගියහොත් විදුලි උප්පාදන යන්ත්‍රය ස්වයංක්‍රියව ක්‍රීයාත්මක වන බව ද දයානන්ද මහතා සඳහන් කළේය.

අඹන්ගඟ හරස් කරමින් ඉදිකළ මෙම ජලාශයෙන් ජාතික විදුලි පද්ධතිය මෙගා වොට් 25 විදුලි ධාරිතාවක් එක් කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා පැවැසීය.

 වේල්ලේ සම්පූර්ණ උස මීටර් මීටර් 187කි. එහි වාන් මට්ටම මීටර් 185කි. ස්වයංක්‍රීයව විදුලි උප්පාදන යන්ත්‍ර ක්‍රියාත්මක වීමට මීටර් 174 දක්වා ජල මට්ටම ඉහළ යා යුතු අතර විදුලි උප්පාදනය සඳහා මීටර් 169ක ජල මට්ටමක් පැවැතිය යුතුවේ. මේ වන විට ජලාශයේ ජල මට්ටම මීටර් 170 ක් බව ද ව්‍යාපෘති නිලධාරීහු පවසති.

ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි 4.60.000කි මේ වන විට අක්කර අඩි 1,74,150ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉහළ කඳුකරයට ඇද හැලෙන තද වැසි හේතුවෙන් මේ වන විට බෝවතැන්න ජලාශයේ ජලයද අඹන්ගඟඔස්සේ මොරගහකන්ද ජලාශයට මුදා හරින බවත් වාර් ඉංජිනේරුවෝ පවති. මේ වන විට අඹන්ගඟේ ජලමට්ටමද  සීඝ්‍රයෙන් ඉහළ යමින් පවති.

2007 වර්ෂයේ වැඩ ආරම්භ කළ මෙම ජලාශයට ජලය පිරවීම 2017 වසරේ ජනවාරි 11 වැනි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

විදුලි උප්පාදනය සඳහා මුදා හරින ජලය ගොවි බිම්වෙත ලබා දෙන බව ද ව්‍යාපෘති නිලධාරී දයානන්ද මහතා පැවැසීය. 



අදහස් (2)

මොරගහකන්ද ජල මට්ටම ස්වයංක්‍රීය විදුලි ජනනයට මීටර් 4ක් මෑතින්

kumar (galf) Monday, 06 November 2017 06:04 PM

මේක හදල තියෙන්නේ චීනේ හෝ ඉරානය නොවෙයිනෙ, නැතිනම් ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නෑ.

:       2       24

bamunuarachchi Saturday, 11 November 2017 09:02 AM

මේක අපිට අදහස් දක්වන්න තරම් දෙයක්ද? "ස්වයංක්‍රීය විදුලි ජනනයට මීටර් 4ක් මෑතින්" නොවෙයි ඉහලින් තිබ්බත් අපට ප්‍රස්නයක් නැත. නමුත් බීර මිල අඩු කිරීම නම් සමහරුන්ට ලොකු ප්‍රශ්නයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 654 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site