වන්නි රොමේෂ් මධුෂංඛ
යාපනයේ පේදුරුතුඩුව නැගෙනහිර අම්බාන් ප්‍රදේශයේ නිවසකින් කාන්තා මළ සිරුරක් හා බරපතල තුවාල ලැබූ තවත් කාන්තාව හමුවීමත් සමඟ අද (02) දහවල් එම පළාත තුළ දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ.
පේදුරුතුඩුව පොලීසිය පැවසුවේ මළ සිරුරත් තුවාල කාරියගේ සිරුරත් සම්පූර්ණයෙන්ම ලෙයින් නැහැවී තිබුණු බැවින් මේ සිද්ධිය මිනී මැරුමක් බවට සැකකරණ බවටයි.
මව හා දියණිය පමණක් මේ නිවසේ තනිවම ජීවත් වන අතර මවට තදබල ලෙස පහර දී දියණිය ඝාතනය කොට දමන්නට ඇති බවට පොලීසිය සැකකරයි.
මියගිය දියණිය 58 හැවිරිදි නල්ලතම්බි දේවකී වන අතර බරපතල තුවාල ලබා ඇත්තේ ඇයගේ මව වන 78 හැවිරිදි නල්ලතම්බි සෙල්ලම්මා නැමති කාන්තාවයි.
කෙසේ වෙතත් මේ වන විට තුවාලකාරිය පේදුරුතුඩුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙම සිද්ධිය සැලවීමත් සමඟම ප්‍රදේශයේ ජනතාව එම ස්ථානයට පැමිණ ආවේගශීලීව හැසිරීම නිසා පොලීසියට ඔවුන්ව පාලනය කරගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදුව තිබුණි. මෙම මරණයට හා තුවාල ලැබීමට හේතුව මෙතෙක් නිශ්චිතවම හෙලී වී නැත.




2025 දෙසැම්බර් මස 04
402
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
446
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මිය ගිය දියණියක සහ තුවාල ලැබූ මවක නිවසකින් හමුවෙයි - පේදුරුතුඩුව උණුසුම්