මගීන් 100කට වැඩි පිරිසක් සහ කාර්යමණ්ඩලයේ 11 දෙනකු පමණ රැගත් මියන්මාර යුද ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව වාර්තා වේ.
යානයේ සුන්බුන් අන්දමන් දූපත් අසල තිබී හමුවූ බවට තොරතුරු ලැබෙයි.
හමුදා අංශ පවසන්නේ යානය මියන්මාරයේ දකුණුදිග නගරයක් වන මයෙක් සිට යොන්ගොන් දක්වා ගමන් කරමින් තිබියදී අතුරුදන් වී ඇති බවයි.
යානය චීනයේ නිශ්පාදනය කර ඇති අතර අනතුරට පත්වන විට යානය අන්දමන් මුහුදට ඉහළින් පියාසර කරමින් තිබූ බවත් දවෙයි නගරයට සැතපුම් 20ක් පමණ තිබියදී සබඳතා බිඳවැටුන බවත් බලධාරීහු පවසති.
(බී බී සී පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd