(බිඟුන් මේනක ගමගේ)
මියන්මාරයේ (බුරුමයේ) රඛිනේ පළාතේ ඇතිව ඇති තත්ත්වය පිළිබඳ අන්තර්ජාතික මාධ්‍ය සහ අන්තවාදී කණ්ඩායම් මුල්වී සිදු කරන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් මියන්මාර බෞද්ධ ජනතාවට සිදුව ඇති අසාධාරණය පිළිබඳ කණගාටු වන බව අද(13) ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති හමු වූ විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ ජාතික සංවිධාන නියෝජිතයෝ දැනුම් දුන්හ.
මේ අවස්ථාවේ මියන්මාර බෞද්ධ ජනතාව සමග ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව අත්වැල් බැඳ ගන්නා බව ද ඔවුහු පැවසුහ. පසුගියදා ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිට අන්තවාදී කණ්ඩායමකගේ අශෝභන හැසිරීම පිළිබඳ ශ්‍රී ලාංකිකයන් ලෙස තමන් ලජ්ජාවට පත්වන බව නියෝජිත කණ්ඩායම දැනුම් දුන්හ.
මේ අවස්ථාවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ වැඩ බලන මියන්මාර තානාපතිවරයා පැවසුවේ අන්තර්ජාතික මාධ්‍ය සහ සමාජ ජාලාවල පළ වූ ඇතැම් ඡායාරුප මීට දශයකට පමණ පෙර අප්‍රිකාවේ රුවන්ඩාවේ දී ලබාගත් ඒවා බවත් මෙය බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයක් බවත් ය. මියන්මාර ජනපතිට යැවීම සඳහා විශේෂ ලිපියක් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය තානාපතිවරයාට බාර දුන් අතර මාදුරුඔය ධම්මිස්සර හිමි, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ආචාර්ය චන්න ජයසුමන, විශේෂඥ වෛද්‍ය අශෝක කමලදාස, ශ්‍රී ලංකා මියන්මාර මිත්‍රත්ව සංගමයේ සභාපති කුමාර සේමගේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල්ලේ පොල්... අන්න ඒ අය එනවා මෙහෙට.....
මරු සෙට් එක සාකච්චාවට ගිහිල්ලා තියෙන්නෙ.
හොඳ වැඩක් කරලා තියෙන්නේ. නැත්නම් ලංකාවේ රඟන අය තව රඟයි... පුළුවන්නම් මියන්මාර් බෞද්ධ මිනිසුන්ට සහයෝගය පල කරලා ලංකාවේ බෞද්ධ මිනිස්සු පෙලපාලි යන්න ඕනෑ.
ජනාදිපති තුමනි මියන්මාර සරණාගතයින් වහාම පිටුවහල් කරන්න . අපි උදව් කල යුත්තේ බොදුනුවන්ට මිස අන්තවාදීන්ට නොවේ . මේ අය කියන්නේ එකක් කරන්නේ තව එකක් .