(ටී.කේ.ජී.කපිල)
මුම්බායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් ගමන් ආරම්භ කළ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ආපසු හරවා පැමිණ තිබේ.
පැය 02 විනාඩි 08 ක කාලයක් ගුවන් ගත වී තිබූ එම යානය ඊයේ (13) රාත්‍රී 11.47ට පිටත් වූ අතර අද (14) අලුයම 1.55 ට කටුනායකට පැමිණ ඇත.
මෙම යානය ගුවනේදී කාර්මික දෝෂයට ලක් වි ඇති අතර ඒ බැව් යානයේ නියමුවා කටුනායකට ගුවන්තොටුපොළට දැන්වීමෙන් අනතුරුව ලබා දුන් උපදෙස් මත මෙලෙස ආපසු හරවා පැමිණ තිබේ.
එහි මගීන් 138 ක් සහ කාර්යය මණ්ඩලය 07 දෙනකු සිටි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසීය.
මෙම යානය මුම්බායි ගුවන්තොටුපොළට ගොඩ බැස්වූයේ නම් එහි අලුත්වැඩියා කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළට සාපේක්ෂව වැඩි වියදමක් දැරීමට සිදුවෙන නිසා යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමට පියවර ගත් බව පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම යානයේ සිටි මගීහු වෙනත් ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් අද අලුයම 3.34 ට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.
2025 දෙසැම්බර් මස 04
513
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
475
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුම්බායි ගිය ශ්‍රී ලන්කන් යානය ආපසු කටුනායකට
සිරිමල් Tuesday, 14 November 2017 03:54 AM
මිනිස්සුන්ගේ ජීවීතද අලුත්වැඩියා වියදමද වැඩිය වටින්නේ ? ගොන් වැඩ කරනවා
Mahinda Wickramaratne California Tuesday, 14 November 2017 06:30 AM
කාර්මික දෝෂය සඳහා යන වියදම ඔච්චර ඉක්මනට තීරණය කරන්න පුළුවනි නම් , ලංකාව හරි දියුණුයි වගේ !
sam Tuesday, 14 November 2017 08:50 AM
මුම්බායි ගුවන් තොටුපොළට ගිහින් තියන කිසිවෙකු මේ ගුවන් යානය ආපසු හරවාගෙන ඒම ගැන චෝදනා නගන්නේ නැහැ .
කුමාර් (ගල්ෆ්) Tuesday, 14 November 2017 10:48 AM
මේ ශ්‍රී ලන්කන් සමාගමේ පරණ බරකරත්ත කොයි වෙලාවේ හරි කඩා වැටෙනවා...... හොර මගඩි නිසා අවුරුදු ගානකින් ජාත්ත්‍යන්තර මට්ටමේ නඩත්තු කටයුතු සිදුවන්නේ නැත. අපේ පොඩි ගුවන් යානා වලට ගොඩ උනාම වෙනස තේරෙනවා අනිත් ගුවන්යානා සමග සැසදීමේදී.
RohanTuesday, 14 November 2017 12:12 PM
ඔබතුමා ගුවන්යන කර්මික්යෙකද පරණ බරකරත්ත උනත් මේ අපේ රටේ ගුවන් සේවය තම රට දේ සිරිසැප දේ කියන්නේ ඒකනිසා අද ලංකාවේ මිනිහ රටේ දේවල් වලට ගරහනවා පිටරටියන්ගේ බරකරත්ත වර්නන කරනවා, මහත්තයෝ ඉස්සෙරවෙලා රටට සහ ජාතියට ගරුකරන්න අන්න එතකොට තම මේදේවල් හරියට දුවන්නේ.