IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


මිනිස් වෙළඳාම අතින් ලංකාව දෙවැනි පෙළට

(විනීතා එම් ගමගේ)

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මිනිස් වෙළඳාම නරක ලෙසම සිදුවන රටවල් අතර ආසියාවේ ප්‍රමුඛ රට ලෙස මෙතෙක් හඳුන්වනු ලැබූ  ශ්‍රී ලංකාව මේ වන විට එම තත්ත්වයෙන් මුදවා එහි දෙවැනි තැනට පත්ව ඇතැයි අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

එහෙත් තවමත් ශ්‍රී ලංකාව මිනිස් වෙළඳාම සිදුවන රටක් යන ලේබලය යටතේ පවතින බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඒ  පිළිබඳ විමසිල්ලෙන් සිටින බවත්  අමාත්‍යවරිය  කියයි.

එකී අවමානයෙන් මිදීම සඳහා මිනිස් වෙළඳාම මැඩලීම පිණිස මහජනයා දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අධිකරණ අමාත්‍යංශය පියවර ගත් බව ද අමාත්‍යවරිය පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ සංවිධානය,විදේශ රැකියා අමාත්‍යංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය හා එක්ව අධීකරණ අමාත්‍යංශය සංවිධානය කරනු ලබන මිනිස් වෙළඳාම මැඩලීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන අධිකරණ අමාතයංශයේ දී නිල වශයෙන් අද (06) ආරම්භ කළ අවස්ථාවේ දීය.   

මිනිස් වෙළඳාම සංවිධානාත්මක අපරාධයක් වන අතර එය වත්මන් සමාජය තුළ වහල් ක්‍රමයක් ලෙස පෙනී යන්නේ යැයි අතුකෝරල මහත්මිය කියයි.

ශ්‍රී ලංකාව තුළ මිනිස් වෙළඳාම දණ්ඩනීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව පෙන්වා දුන් අමාත්‍යවරිය මිනිස් වෙළඳාම ශ්‍රමය සූරාකෑමට හා ලිංගික සූරාකෑමට පමණක් සීමා නොවන බවත් ශ්‍රමය හෝ වාණිජමය ලිංගික සූරාකෑමට ලක් කිරීම  පිණිස පුරුෂයන්, ස්ත්‍රීන් හෝ ළමුන් වෙළඳාම සිදුකෙරෙන බව ද කියයි.
 
මෙම දැනුවත් කිරීම තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ 2015-2019 පස් අවුරුදු ජාතික ක්‍රමෝපාය සැලැස්මේ ප්‍රධානතම අංගයක් වේ.

මිනිස් වෙළඳාම අවම කිරීම සම්බන්ධයෙන් සහාය වීමට, නඩු පැවරීමට සහ වැඩිදුර තොරතුරු සැපයීම සඳහා සංක්‍රමණය සම්බන්ධයෙන් වූ අන්තර්ජාතික සංවිධානය විසින් කෂණීක දුරකථන ඇමතුම් සේවාවක් ලබා දී ඇති අතර 0766588688 දුරකථන අංකය ඇමතීමෙන් තොරතුරු ලබා දිය හැකිය.
 



අදහස් (8)

මිනිස් වෙළඳාම අතින් ලංකාව දෙවැනි පෙළට

පිටිගල මිලානෝ Wednesday, 06 September 2017 10:18 AM

දෙල්කඳ පොලේ වෙළඳාම ගැන වෙන්න ඇති මේ කියන්නේ. ඉදිකට්ටත් පිටරටින් ගේන අපි ලෝකෙට මොනවාද නිෂ්පාදනය කර විකුණන්නෙ? හිටපු පාලකයෝ කලේ පාරවල් හදන මගඩිය මිසක් සමගාමීව විදේශීය වෙළඳපොළට භාණ්ඩ නිෂ්පාදනය කිරීම නොවේ.

:       26       60

Lapaya Thursday, 07 September 2017 04:15 AM

විදේශීය වෙළඳපොළට භාණ්ඩ නිෂ්පාදනය කරන්න පෙර අමු ද්‍රව්‍ය සහ නිමි භාණ්ඩ ප්‍රවාහනය කරන්න හරි හමන් පාරවල් තිබිය යුතුයි. පසුගිය රජය ඒක කලා සැහෙන දුරකට. දැන් ඉන්න උන්ට එ්කත් බැහැ මේකත් බැහැ හොරු කියකිය ඉන්නවා ඇරෙන්න. ලෝකයේ සෑම දියුණු රටකම ඉස්සෙලම කරන්නේ මාර්ග පද්දතිය දියුණු කරන එක කර්මාන්ත සැදීමට පෙර. ඉස්සර වගේ හරක් පිටේ ගෙනියන්නද පිටිගල. සම හරක්ට ඕක තේරෙන්නේ නැති එකයි පුදුමේ.

:       50       0

dhamneth Wednesday, 06 September 2017 10:41 AM

2010 දී පමණ නුතන මිනිස් ජාවාරම් සම්බන්ධ ලිපියකත් සඳහන්ව තිබුණා.

:       0       6

wedage Wednesday, 06 September 2017 11:00 AM

වහල් වෙළඳාම කියන්නෙත් මේකටමද? මේ වෙළඳාම නැත්නම් මැති ඇමතිවරු රට සවාරි යන්නේ කොහොමද?

:       0       42

ravin Wednesday, 06 September 2017 12:30 PM

අනේ ඇමතිතුමිය, ඇමරිකාවේ දත්ත ඔක්කොම සකසන්නේ ඒ ගොල්ලන් කරන වැඩ යටයන විදියට. ඒගොල්ලෝ කරන කියන ඕනෑම වැඩකට දත්ත බැලුවොත් කියනදේ සනාථවන විදියට. මුළු ලෝකෙම දන්නවා ඕනෑම නරක වැඩක් පිටපස්සේ කවුද ඉන්නේ කියලා...

:       86       1

minipe Wednesday, 06 September 2017 03:56 PM

මොනවා වෙච්චි අපි ලෝකේ දෙවැනි ස්ථානයට පත්වූ දෙවැනි අවස්ථාවයි මේ. මන් හිතන හැටියට ලෝකේ පළමු ස්ථානයට පත් වුණේ වැඩිම කාලයක් ඩෙංගු උණ පැවති රට ලෙසයි.

:       0       0

mahee Wednesday, 06 September 2017 11:22 PM

තව ටිකක් විස්තර කිව්වා නම් තමයි හොඳ. ඒ මොකද, කොටින්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් මේක. කැනඩාවට, ඔස්ට්‍රේලියාවට ගිය බෝට්ටු කීයක් රඳවාගෙන පරීක්ෂණ කලාද? හැම එකකම හිටියේ කොටි ඒජන්තවරු මුදල් අරගෙන ගිහින් ඒ රටවලට රොඩු වගේ විසිකරන මිනිස්සු, ගැහැණු, ළමයි. අපේ රැකියා ඒජන්තවරුත් වැඩි දෙනෙක් එහෙම තමයි. ඒ හින්ද පුළුවන් නම් මිනිස් වෙළඳාම ගැන මෙතෙක් හොයාගත් දත්ත ටිකක් එලියට දාන්න අපටත් දැන ගන්න.

:       0       0

සෙනෙවි Friday, 08 September 2017 11:29 AM

ඒ ගොල්ලොනේ පඩියක් නොදී බෙල්ලට යකඩ දම්වැල් දාලා කළු ජාතිකයන්ගෙන් වැඩ ගත්තේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 729 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 893 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site