( ඩයනා උදයංගනී)
මනුස්සකම රජයන - සංවර්ධනයේ අරුණලු උදා කරන සොදුරු රටක් නිර්මාණය කරන බව එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණු නියෝජනය කරන අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
නාම යෝජනා බාර දීමෙන් අනතුරුව මැතිවරණ ලේකම් කාර්යාල පරිශ්‍රයේදී මාධ්‍ය අමතමින් සජිත් ප්‍රෙමදාස මහතා මේ බව සඳහන් කළේය.
එළැඹෙන 10 වැනිදා කොළඹින් සිය මැතිවරණ කටයුතු අරඹන බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

ඡායාරූපය ලහිරු හර්ෂණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට කවදත් සොඳුරු රටක්.මනුස්සකම පිරුණු රටක්. ඒ නිසයි හැම ජාතියේම අය ඇවිල්ලා මේකේ පැළපදියම් වෙලා අපිවම විනාශ කරන්න හදන්නේ.අමනුස්සකමයි, කුණු කන්දල් ටිකයි එන්නේ දියවන්නාවෙන්.අන්න ඒ කුණු සුද්ද කරන්න කවුරු හරි ආවොත් අපිට ඇති.රට කොහොමත් සුන්දරයි. ඒත් මෙයාගෙන් නම් එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලත් අපි දන්නවා.
හරි ලස්සන වචන මේ දවස්වල දේශපාලකයන්ගේ මුවෙන් සැරිසරනවා . හැබැයි ඉතින් බලයට ආවට පස්සේ මේ කවුරුත් අධෝමුකයෙන් තමයි කතාකරන්නේ
මනුස්සකම්නම් නැතුවට කමක් නැහැ.සොඳුරු වෙන්න ඕනේත් නැහැ.පිනට දේවල් දිදී මිනිස්සු රවට්ටන්නේ නැතුව ජාතියක් විදිහට කෙළින් හිටගන්න පුලුවන් නායකයෙක් බිහි වුනොත් ඇති.හැබැයි ඒ ඔයානම් නෙමෙයි කියලා වචන සෙට් එක දිහා බලලා කියන්න පුලුවන්.
ඔය කියන්නේ ශ්‍රී මුඛයෙන්ද? පියාණනුත් ඔවැනි සොඳුරු වදන් කිවා වගේ මතකයි.
අර 88/89 වගේ "කළු බළල්ලු" වගේ අයව දාලද?
එතකොට මෙච්චර බලයක් තිබිලත් පහුගිය අවුරුදු පහේදී ඔය කියන "මනුස්සකම රජයන සොඳුරු රට" හදාගන්න බැරි වුනේ ඇයි?
බොරු, මුසාවාද කීම ලබන ආත්මේ "දරුවන්" විතරක් නෙමෙයි "මනුස්ස ආත්මයක්" අහිමිවීමට පවා හේතුවක් වෙනවා.
මදැයි, අපි මේ බලන් හිටියේ හඳෙන් හාල් ගෙනත් දෙයි කියලා. දැන් ඉතින් සොදුරු විදියට අල්ල ලෙවකාල නිදා ගන්නයි තියෙන්නේ.
ගිරිය කඩාගෙන අරක දෙනව මේක දෙනව කියල විහිලු සපයන්නේ නැතිව හරි දැක්මක් ඇතිව තමන්ගේ ප්‍රතිපත්ති කියන්න... ඒකට ඔච්චර කෑ ගහන්න අවශ්‍ය නෑ.... අනිත් එක ඔය ගණන් මිමි කියන කොට අවබෝධයෙන් කියන්න.... නැත්තං අරය වෙනුවට ඔයාව බයිට් කරාවි කොල්ලො කෙල්ලෝ...
පොරොන්දු, පොරොන්දු, පොරොන්දු, දැන් ඇති අප්පා..
මෙයාගේ ඔක්කොම කතා හරියට නිකන් පිටකොටුවෙන් ගන්න බඩු වාගෙයි.. විකුණගන්න කියන ඒවා අහලා අරගෙන බැලුවමයි තේරෙන්නේ ඇයි ඒවා පිටකොටුවේ පේමන්ට් එකේ විකුනන්නේ කියලා. කොලිටියක් නැහැ. කොලිටියක් නැති ඒවා සුපර් මාකට් වල නැහැ. ලස්සන වචන වලට මේ රට හදන්න බැහැ ඒකට වැඩ කරලා පෙන්නලා ඉන්න වෙනවා.
මෙයා ලංකාව කොච්චර සොදුරුද කියල දන්නෙත් නැහැ වගේ. මෙයත් ආණ්ඩුවේ නේද මෙච්චර කල් කරපු දේවල් හොදටම සොදුරුයි. ඔයාල තව සොදුරු කරන්ඩ දෙයක් නැහැ . මිනිස්සු බලන් ඉන්නේ ඔයාලව නියම තැනට යවන්ඩ . සොදුරු කරන්ඩ නෙවෙයි සොදුරු බල බල අඩන්ට. ආරංචි වෙනවා ලොක්ක කොන්දේසි දැම්ම කියල . ලොක්කටත් දැන් රෑට රෑට සොදුරු සිහින පේනවා ඇති . ශ්‍රී මුකයෙන්ද කියන්නේ . මිනිසුනේ මේ බේගල් වලට රැවටෙන් එපා. එක පාරක් වැටුන අයෙනම් එපා රැවටෙන්න
මමනම් පරණ ටයර් එකතුකරන්න පටන්ගත්තා
බයවෙන්න එපා මහත්තයෝ. මේ තමුන්නාන්සේලා ගත කරන්නේ අන්තිම කාලයයි.ඒ කාලයේ තාත්තා රටේ ජනතාව රවට්ටපු විදිහට දැන් ඉන්න මිනිස්සු රවට්ටන්න බැහැ.තමුන්නාන්සේලා හිතන්න එපා තමුන්නාන්සේලා වගේ රටේ ජනතාව මෝඩයෝ කියලා.ඔය කියන විදිහට ගිය අවුරුදු හතර හමාර කරන්න තිබුණානේ.මේ ටික කාලයට තමුන්නාන්සේ කරපු දේවල් දන්නේ බහිරවයින් විතරයි.පරණ කාලයේ බයිලා මේ කාලයට ගැළපෙන්නේ නැහැ කියලා මතක තියාගත්තොත් හොඳයි.
වෙනස ගෝඨාභය මැතිතුමා අද වෙනකල් කිසිම දෙයක් නිකන් දෙනවා කියලා කියා නැහැ. රට සංවර්ධනය කරන්න සියලු දෙනාටම තමන්ගේ මහාන්සියෙන් රැකියාවක් කිරීමට අවශ්‍ය පරිසරය සකසන හැටි. නවීන තාක්ෂණය අනුව කර්මාන්ත ශාලා ඇතිකරන හැටි, වෙළඳාම, අපනයනය දියුණු කරන හැටි... ඒවා තමයි අහන්න ලැබුනේ. ඒ වුණාට මේ වහන්සේ දහම් පාසල් ළමයින්ට නොමිලේ කෑම, නොමිලේ දහම් පාසල් ඇඳුම්, නොමිලේ කුකුල් කූඩු නිවාස, නොමිලේ සිමෙන්ති, ඇස්බැස්ටස් තහඩු, නොමිලේ රැකියාවල් කොටා නම් කම්කරු, අනේ මෙහෙමත් නූගත් 8 විතරක් සමත් ජනාධිපති අපේක්ෂකයෙක්...
1993 මැයි 1 රණසිංහ ප්‍රේමදාස මහතා මියගිය අවස්ථාවේ එංගලන්තයේ සිට පැමිණි සජිත් ප්‍රේමදාස, ගුවන් තොටුපලේදී ඔහු හමුවීමට පැමිණ සිටි ජනාධිපති ලේකම් විජේදාස මහතාගෙන් "මගේ අම්මා ජනාධිපති තනතුර බාරගත්තාද" කියා ඇසුවේය. එයට විජේදාස මහතාගේ පිළිතුර වුයේ "නෑ" යන්නයි. එතැනින්ම අවසන්වූ ඒ කතා බහ නැවත කරලියට එන්නේ අද දවසේයි. අද ජනාධිපතිවරණයට නාමයෝජනා බාරදී ඇති සජිත් එදා මෙදාතුර පැමිණි ගමන් මාර්ගය එලි පෙහෙළි කලේ එදා ජනාධිපති තනතුර බාර නොගත් හේමා ප්‍රේමදාස මහත්මිය විසිනි. ප්‍රේමදාස ජනාධිපතිවරයා වෙනුවෙන් බොහෝ අවස්ථාවල පෙනීසිටි රනිල්ට එරෙහිවීමට සජිත්ට ඉඩ නොදුන්නේ එතුමියයි. එජාප විශේෂ මහා සම්මේලනයේදී රනිල් වික්‍රමසිංහ ඇයව අතින් අල්ලාගෙන වේදිකාවට කැඳවාගෙන ආවේ ඊට කෘතගුණ සැලකීමක් හැටියටය. සජිත්ගේ සියලුම වැඩකටයුතු සංවිධානය කෙරෙන්නේ ප්‍රේමදාස මහත්මියගේ මුලිකත්වයෙනි. එසේනම් සජිත් ජනාධිපති වුවිට රටේ "පළමු කාන්තාව නොහොත් ආර්යාව " වන්නේ ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස නොව මව් තුමිය වන හේමා ප්‍රේමදාස වීමට බොහෝවිට ඉඩ ඇත. 1993 "අම්මා ජනාධිපති කම බාරගත්තාද " යන්නට ලැබුන උත්තරය "නෑ" වුවත්මෙදා පාර "ඔව්" වන්නටද හොඳටම ඉඩ ඇත.
බොරුවෙන් ජනතාව රවටන රටේ සල්ලි දුප්පතාට දෙනවා කියලා ගසාකන්න දාලා, සුර සැප විඳපු ලංකාවේ හොඳම පාසලට ගිහිල්ලත් ඒ අය රටක නායකයෙක් වුණොත් කොහොමද?
නිකම්ම නිකම් මනුස්සකම රජයන සොඳුරු රටක් නම් එච්චර ගතියක් නැහැ. මනුස්සකම රජයන, යහ පාලනය උතුරන , ගම හදා රට හදන, ධර්මිෂ්ට සමාජයක, වසර දෙදහස් පනහදී සැමට සෙවන දෙන සුබ අනාගතයක් සහිත පස් අවුරුදු සැලැස්මකුත් ඇති සොඳුරු රටක් තමයි අපිනම් බලාපොරෝතු වෙන්නේ.
සොඳුරු රටක්ද අඳුරු රටක්ද?
හැමදාම දැක්කේ ඔය විගඩම් තමයි. අවුරුදු 71 අමිහිරි අත්දැකීම එය තමයි . ඔබලා ගැන අපට කිසිම විශ්වාසයක් නැහැ .
තාත්තගේ අඩිපාරේ නම් යන්න එපා.!
ඔබට ජය නියතයි , කවුරු මොනවා කිව්වත් වැඩක් නැහැ , ජනතාවගේ පින් පව් අනුව තමයි නායකයා දෙවියන් දෙන්නේ , මහින්දගේ යමපාලනයෙන් බැට කාපු මිනිසුන්ට සිරිසේන වගේ නායකයෙක් දීල , තමන්ගේ නිදහස ඇතුළු ගොඩක්දෙවල් කරගැනීමට හොඳ නායකයෙක් දුන්නා නමුත් අපේ කරුමෙට එය ප්‍රතික්ෂේප වුනා , දැන්. ඔබතුම වැනි නායකයෙක් රටට අවශ්‍යයි.
සිරිමල් මිනිහා මැරුණම මන්තිරිකම, ඇමතිකම, අගමැතිකම, ජනාධිපතිකම එයාගේ ගැහැනිට පැවරෙන්නේ මොන රටේද? මෙරටේ දේශපාලන තුමියන් හෝ දේශපාලන මහතුන්ගේ බිරින්දෑවරුන්ගෙන් තුමිය කියා කතා කල හැක්කේ සිරිමා බණඩාරනායක සහ JR ජයවර්දන නෝනා එලීන ජයවර්දන මැතිනියන්ට පමණයි.
සිරිමල් අයිස්ක්‍රීම් කළා තිබෙනවාද/