IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මානව හිමිකම් සැසියට තිලක් මාරපන ඇතුළු දූත පිරිසක්

තිළිණි ද සිල්වා  
 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයට සහභාගිවිමට  විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ විශේෂ කාර්යයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම ඇතුළු දූත පිරිසක් ලබන සඳුදා (19) සවිට්සර්ලන්තයේ  ජිනිවා නුවර පිටත්ව යෑමට බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 
 
ශ්‍රී ලංකාවේ  මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ      වාර්තාව ලබන බදාදා (21) මානව හිමිකම් කවුන්සිලයට ඉදරිපත් කෙරෙන  අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මෙම දූත පිරිස සහභාගී වන බවද  විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.
 
2017 වසරේ මාර්තු 23 වැනිදා ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී සම්මත කරගත් 34 / 1 යෝජනාවට අනුව මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ලබන බදාදා (21)  ඉදිරිපත් කරන අතර මානව හිමිකම් කොමසාරිස්වරයා එම වාර්තාව සකසා ඇත්තේ සාමාජික රටවල ඉල්ලීම්වලට අනුවය.
 
එම අමාත්‍යවරුන් දෙපළට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්, ජිනීවා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ නිලධාරීන්  සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම සැසියට සහභාගී වීමට නියමිතය. 



අදහස් (5)

මානව හිමිකම් සැසියට තිලක් මාරපන ඇතුළු දූත පිරිසක්

chanduli lehansha Friday, 16 March 2018 01:46 PM

මේවට යවන්න ඕනේ රට ගැන හැඟීමක් තිබෙන මිනිස්සු මිසක් නිදිමතයින් නෙමෙයි.

:       1       228

මංගලිකා සිරිසේන ජිනීවා Friday, 16 March 2018 04:38 PM

ඒක නම් ඇත්තයි චන්දුලි. වීරසේකර මහත්මා වගේ රටට ආදරේ අය ජිනීවා ඇවිත් රට වෙනුවෙන් කතා කරනවා. ආණ්ඩුවේ නිදිමතයෝ මෙහෙ ඇවිත් හොඳට කාලා බීලා ෂොපින් කරලා එනවා.

:       0       259

Rathna Saturday, 17 March 2018 02:42 AM

රටයි, රණවිරුවොයි පාවාදෙන්න එපා...

:       0       220

Aruna munasinha Saturday, 17 March 2018 08:13 AM

අපේ රණ විරුවන්ගේ ආත්ම ගෞරවය වගේම ශ්‍රී ලාංකික අභිමානය සිංහල, දෙමළ, මුස්ලිම් අපි කවුරුත් වෙනුවෙන් රැකගන්න එක මෙයාලගේ වගකීමක්..

:       0       9

Chandima Saturday, 17 March 2018 11:02 AM

ගිහින් සකලවිධ බන්ධනවලට කැමැත්ත පල කරලා ඇවිත් බොරුවට දෙසාබාවි අපි තමයි... රටයි, රණවිරුවයි බේරාගත්තේ කියලා.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 156 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 777 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 379 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site