IMG-LOGO

මානව හිමිකම් නියෝජිතයන් රෝහින්ග්‍යා වරුන්ගෙන් ඈත්කර තබති

මියන්මාරයේ සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් රොහින්ග්‍යාවරුන්ගේ අර්බුදය සම්බන්ධයෙන් මියන්මාර ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීම වළක්වාලීමට කටයුතු කළ බව එම සංවිධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ සම්බන්ධයෙන් ආධාර සපයන ප්‍රජාවගෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන අභ්‍යන්තරයෙන් බී.බී.සී පුවත්සේවයට තොරතුරු ලැබී තිබේ. මානව හිමිකම් නියෝජිතයන් රොහින්ග්‍යාවරුන් ජීවත්වන ප්‍රදේශවල සංචාරය කිරීම වැළැක්වීමට මියන්මාරයේ සිටින එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා කටයුතු කළ බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජිතයකු පවසා තිබේ.

කෙසේ නමුත් මියන්මාරයේ සිටින එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා මෙය ප්‍රතික්ෂේප කර තිබේ.

වසර ගණනක් තිස්සේ පවතින රොහින්ග්‍යා අර්බුදය අලුත් වූයේ ඉකුත් අගෝස්තු 25 වැනිදාය. එතැන් පටන් එක්සත් ජාතීන්ගේ සංවිධානය රොහින්ග්‍යාවරුන්ට ආධාර සපයමින් මියන්මාර ආණ්ඩුව විවේචනය කරමින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළේය.

මීට සිව්වසරකට පෙර මියන්මාරයේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කර තිබෙන්නේ කැනේඩියානු ජාතික රෙනාටා ලොක් ඩැසලීන්ය. ඇය පසුගිය ජූනි මාසයේදී එම තනතුරෙන් ඉවත් කර තිබේ. ඇය තනතුරෙන් ඉවත් කර තිබෙන්නේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය නොදී කටයුතු කිරීම හේතුවෙනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රජාව මීට පෙර නිසි ක්‍රියාමාර්ග ගත්තා නම් රොහින්ග්‍යා අර්බුදය මෙතරම් දිග්ගැස්සෙන්නේ නැතැයි ද විදෙස් පුවත් සේවා, මානව හිමිකම් ක්‍රියාකාරීහූ ඇතුළු පිරිස් පෙන්වාදෙති.

(ඒ.එෆ්.පී/රොයිටර්-055)



අදහස් (11)

මානව හිමිකම් නියෝජිතයන් රෝහින්ග්‍යා වරුන්ගෙන් ඈත්කර තබති

ජයන්ත මිලානෝ Saturday, 30 September 2017 08:58 AM

පව්, අහිංසක දරුවන්... දුක, වේදනාව කාට කියන්නද? අපේ රටේත් නරුමයන් හිටියා නේ... මෙවැනි අයට හිරිහැර කරන්න...

:       2151       1502

LapayaSaturday, 30 September 2017 11:23 AM

ඒ අය මියන්මාරේ කරලා තියන ඒවා එල්.ටී.ටී.ඊ. ය කරපු දේට සමානයි. සිංහලයෙක් වගේ ලියන්න පුරුදු වෙන්න. නොදන්නා දේ නොලියා. පුටුවේ එක මකුණයි කන්නේ සේරම මකුණෝ මරනවා නේද බෙහෙත් ගහලා. ඔය උදාහරණයක් විතරයි.

:       613       1150

HafeelSaturday, 30 September 2017 12:15 PM

ජයන්ත ඔබ වැනි උතුම් ගතිගුණ ඇති මිනිස්සු අප සමාජය තුළ සිටින එක ගැන අගය කළ යුතුමයි. ආඩම්බරයි.

:       931       418

sathyapala Sunday, 01 October 2017 05:37 AM

ඔස්ට්‍රේලියාව අපේ රට වගේ 117 වතාවක් විශාලයි. නමුත් ඉන්නේ අපේ රටේ ජනගහනයට සමාන ජනගහනයක්. එහෙම වෙලත් නීති විරෝධී සංක්‍රමිකයින් රට ඇතුලට නොගෙන ආපසු හරවලා යවනවා. ලංකාව කුඩා රටක්. ගෙරි හම එළාගන්න ඉඩක් දීලා ඉතිහාසයේ කරගත් විනාශය අති මහත්. ඒ මදිවට මාලදිවයින් වැසියන් බොහෝ දෙනෙක් අප රට තුළ ඉන්නවා. මේ රටට වෙනත් රටවලින් ජනගහනය කෙසේවත් තරම් නොවේ. නමුත් දෙමල මුස්ලිම් ඡන්ද තමනට ලබාගැනීම අපේක්ෂාවෙන් මේ රජය මහා ජාතිය නොසලකා සිටීමෙන් ජාතින් අතර සමහන්වෙමින් තිබු විරසක දැන් කොයි මොහොතක හෝ පුපුරායන මහා ගිනි කන්දක් දක්වා පත්කර ඇත. නැවතත් මේ රට තුල කළු ජූලියට සමාන ජාතිවාදී ගැටුම් තුලින් රටට සිදුවන විනාශය ඉතා බරපතලය. එහෙත් තමනට අනතුරක් ඇතැයි සිතන තාක් සුළු ජාතින් මේ රජය කෙසේ හෝ බලයේ තබාගැනීමට වැර දරන බැවින් ඒ බිය සුළු ජාතින් අතර පවත්වාගෙන යන්නට ආණ්ඩුව ජනයා අතර විරසක බව පවත්වාගෙන යන්නට උත්සාහ දරමින් සිටී. මෙය දැන් රජයට කළමනාකරණය කරගත නොහැකි තැනට පත්ව ඇති වුවද රටේ සංවර්ධන කටයුතු කිසිවක් සිදුව නැති බැවින් මැතිවරණයකට යන්නටද නොහැකිව සිරවී ඇත. එබැවින් ඉතිරිව ඇත්තේ ඡන්දයකට ගොස් පරාජයවී ගෙදරයාම හෝ මර්ධනයයි.

:       0       307

INDIK Saturday, 30 September 2017 10:37 AM

ජයන්ත ඔබත් උපන් රට අතහැරලා පිටරට බැලමෙහෙවරකම් කරන අයනේ.... ඉතින් ලෝකයටම කරුමයක් වුණ අය අපේ රටට එන එක ගැන ප්‍රශ්නයක් ඔයාලට නැහැනේ. මේ රට අපේ දරුවන්ට ඉතිරි කරගන්න එක මේ රටට අාදරය කරන, මේ රටේ ජීවත් වන අපේ වගකීමයි.

:       122       1458

සෙනෙවි Saturday, 30 September 2017 01:56 PM

එල්ටීටීඊ සරණාගතයන්ට රැකවරණ ලබාදුන් රටවල් කලේ ශ්‍රී ලංකාවට එරෙහි ත්‍රස්තවාදයට උදව් කිරීමකි. ඒ ආකාරයටම මියන්මාරයේ ත්‍රස්තවාදයට ශ්‍රී ලංකාව උදව් කිරීම වැරදි බව කිව යුතුය.

:       16       313

ධනුෂ්ක Saturday, 30 September 2017 02:26 PM

ලංකා අාණ්ඩුවට ලංකාවේ ඉන්න ජනතාවවත් බලා ගන්න බැරි එකේ සරණාගතයන් බලාගන්න බැරි එක අැත්ත. ඔවුන් අදාල රටවලට යැවිය යුතු බවත් අැත්ත. ඔවුන් අන් රටවල දක්වන් හැසිරීමද ඉතාම නරක බවත් අැත්තය. නමුත් කිරිසප්පයන්ට ගෑනුන්ට ගල් ගැසීම සිංහලකමද, බෞද්ධකමද? බුදු හාමුදුරුවො මොන සූත්තරේද එහෙම දේශනා කරලා තියෙන්නේ. මේවාගෙන් ලෝකයා තේරුම් ගන්නේ අපි තාමත් පරිණාමය නොවුන වානර යුගයේ සිටින්නන් බවයි. ඉතාම සුලු පිරිසක් මෙහෙම කලාට ලෝකෙට යන්නේ මේක මුුලු ජාතියේම හැසිරීමක් විදියට. මේවා යුධ අපරාධ චෝදනා වලට අපේ විරුද්ධ වාදීන්ට නිදර්ශන විතරයි.

:       185       654

kamal Saturday, 30 September 2017 02:46 PM

අපි රටක් විදිහට ලැජ්ජා විය යුතුයි. අපේ අය ලක්ෂ 30කට ආසන්න පිරිසක් මැදපෙරදිග වැඩේ කරනවා. ඒ රටේ මිනිස්සු ඔක්කොටම සලකන්නේ එකම විදිහකට. ඒ රටවල මිනිස්සු එහෙම සලකන්නේ නැත. ඇරත් තාවකාලික නැවැත්වීමක් පමණයි.

:       81       0

SathyapalaSunday, 01 October 2017 10:26 AM

කමල් ඔබ මදපෙරදිගට වෙලා ඔය රස්සාව කරගෙන ඉන්න. නොදන්නා විග්‍රහ කරන්න එපා. ඔය ලක්ෂ 30 න් ඔය රටේ පුරවැසිකම ලබාගත්ත කවුරුහරි ඉන්නවද? අඩු ගානේ එහෙදි ඉපදුන දරුවෙක්වත්? එහෙම දෙන්නේ නෑ. රස්සාව ඉවරවුනාම පසුවදාම ගෙදර. ඔය පුරසාරම් දෙසන අරාබියට කියන්නකෝ ඉස්ලාම් ආගමේ නාමයෙන් මේ එක රෝහින්ග්‍යා කාරයෙකුට හරි ඔය රටේ පුරවැසිකම දෙන්න කියලා. එහෙම දෙන්නේ නෑ. "නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නැහුනලු" කියන්නේ මේවට...

:       0       221

jayath Monday, 02 October 2017 02:24 AM

ඒ රටේදී අපට " සමානව සලකන හැටි " ඔන්න දැනගන්න මුලදීම.... ඔහොම සමානව සලකන්න පටන්ගන්නවා ගුවන්තොටුපලේදී මුල් දවසෙම . අනවශ්‍ය ප්‍රශ්න ,රස්තයාදු කිරීම් කරලා රට ඇතුළට ගන්නවා ඊට පස්සේ බැංකුවලදී පාරේ තොටේදී , කඩපිල් වලදී සල කන්නේ බල්ලන්ට වගේ ( හොඳ අය අතරින් පතර ඉන්නවා ) . මේ තත්වය සුද්දන්ට ඇරෙන්න සියලු ආසියාතිකයන්ට පොදුයි...

:       0       52

etarahelaya Wednesday, 04 October 2017 10:42 AM

ලංකාවේ යුද්ධය තියෙන වෙලාවේ විදෙස් මාධ්‍යය දැම්මේ ඔය තැටියම තමයි. ඒ බව මතක තබාගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 348 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 820 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site