(චාපා මධුභාෂිණී)
මින්නේරිය ජයන්තිපුර ප්‍රදේශයේ නිවසක සිටි නයි පැටවුන් විසිදෙදෙනකු ගිරිතලේ වනජීවී පශූ වෛද්‍ය ඒකකයට බාරදීමෙන් අනතුරුව සෝමාවතිය ජාතික වනෝද්‍යානයට මුදා හළ බව ගිරිතලේ පශු වෛද්‍ය සමීර කළිඟුආරචිචි මහතා පැවසීය.
මෙම නිවසේ සිටි නයි පැටවුන් 14 දෙනකු ඊයේ (29) වැනි දින නිවැසියන්ට හමු වී ඇති අතර අද (30 )තවත් නයි පැටවුන් 8 දෙනකු සිටියදී සොයාගෙන අනතුරුව පශු වෛද්‍ය කාර්යාලයට ඒ පිළිබඳව දැනුම් දීමෙන් පසු එම පැටවුන් නිවසින් රැගෙන යාමට පංශු වෛද්‍ය නිලධාරීන් කටයුතු කර තිබේ.
නිවසේදී නයි පැටවුන් හමු වු ස්ථානයේ ඊට පෙර කුමන ආකාරයෙන් හෝ බිත්තර තිබී ඒවා පිපිරී ගොස් මෙම නයි පැටවුන් එළියට එන්නට ඇතැයි නිවැසියන් සඳහන් කරයි.




COMMENTS
සිංහල කතාවක් තිබෙනවා දුටුතැන සර්පයා අතනාරිනු මෝඩයා කියලා. මේ කතාව මේ සිද්ධියට කොහොම ගැලපෙනවද මන්දා. මමත් මේ වනතුරු නයි 5 දෙනෙකු හා එක පොළඟෙකු උරග ලෝකයෙන් නිදහස් කිරීමේ කර්මය කර තිබෙනවා...
ආසාවට ඇති කරන්න හදාගත්ත සුරතල් සත්තු පැටියන් මේ විදියට පැහැරගෙන යාම ඉවසන්න පුළුවන් කාටද? සමහරු නම් කියන්නේ විදේශ රටවලට අපනයන කර විශාල විනිමයක් රටට ගෙන්වා ගැනීමට කරපු උපාය මාර්ගයක් කියලයි... අනේ මන්දා !!!
ඒ ගමන නයි අරින්න ගත්ත වගේ
මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි..... අපේ මිනිස්සු කොච්චර පිරිසිදුද..... ගෙවල් වටේ කැලෑව ..... ඒවා සුද්ද කරන්නේ නෑ..... කැලේ සත්තු ඔක්කොම ගෙදර .... දුප්පත්කම මේකට අදාල නෑ.... අපිට සතියට වරක් ගෙදර වත්ත සුද්ද කරන්න වෙන් කරගන්න බැරි ජාතියක්...... ඉතින් කොහොමද අපි දියුණු වෙන්නේ...
දසදහසක පමණ මිනිසුන් දරුවන් හෝ මීට වැඩි ප්‍රමාණයක් ඝාතනය කිරීමට මේ සත්වයින්ට හැකියාව ඇත. සෝමාවතිය බැහැදකින ජනතාව විමසිලිමත් විය යුතුව ඇත. විෂ දල කඩා නිදහස් කිරීම නුවණට හුරුයි.
දුටුතැන සර්පයා අතනාරිනු මෝඩයා ... ඔහේ කියන්නේ මක්කෙයි මේ "විෂඝෝර සර්පයා දැක නෑර මෝඩයා" මේක කිව්වේ රන්ජන් විජේරත්න මහත්මයා ජේ.වී.පි. ය ගැන මාතර වැලිගමදී උසස් පොලිස් නිලධාරීන් ඉදිරියේ...
කුමන හෝ හේතුවක් නිසා හැපින්නට වෙලාවට එන්න බැරිවෙලා තියෙනවා. ආවානම් මේ පැටව් ටික මවගේ ආහාරය වෙනවා. සොබාදහම විසින්ම මේ සතුන්ගේ ප්‍රමාණය පාලනයකර තිබෙනවා. මවගේ කට දෙපැත්තෙන් යන පැටව් විතරයි බේරෙන්නේ... පසුගිය දිනෙක මාත් නයි පැටව් දෙදෙනෙකු ගෙනිහින් කැළයට දැම්මා. හිතවතෙකු මට කිවා ' කවදා හරි දවසක ඔය දෙන්නා ලොකුවෙලා ඔයාටම දෂ්ඨ කරන්න පුළුවන් නේද' කියා...? බුදුදහමට අනුව ඒ සතුන්ගේ ජීවිත බේරුවට එහෙම වෙන්නේ නැහැ. එහෙම වුණත් ඒ සතුන්ගේ ජීවත්වීමේ අයිතිය මං උදුරාගන්නේ නැහැ. ඝෝර සසරේ කිසියම් දිනෙක මාද මෙවන් සතෙක්වී ඉපදී සිටියා වෙන්නට පුළුවන් නේද?