එෆ්.අස්ලම්
ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවැත්වෙන වැඩමුළුවක් සඳහා සහභාගී වීමට සූදානමින් සිටි දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජලිංගම් මහතාට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.
සිවාජිලිංගම් මහතාගේ විදේශ ගමන් බලපත්‍රයේ ගැටළුවක් මත වීසා ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති හෙයින් සිවාජිලිංගම් මහතාට එම සංචාරය අහිමි වී ඇත.
මෙම වැඩමුළුව සඳහා සහභාගී වීමට උතුරු පළාත් සභාවේ මැති ඇමැතිවරුන් 12 දෙනෙකු සහ නිලධාරීන් 6 දෙනෙකු ගෙන් යුත් 18 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් අද (16) උදෑසන ඉන්දියාව බලා පිටව ගියහ.
ඒෂියා ෆවුන්ඩේෂන් ආයතනය මගින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුවට ඔස්ට්‍රේලියානු රජය වියදම් දරයි.
පළාත් පාලන හා පළාත් සභා කටයුතු සම්බන්ධයෙන් මෙම වැඩමුළුව පැවැත්වෙන අතර උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් කණ්ඩායම් දෙකක් සඳහා මෙම වැඩමුළුව අවස්ථා දෙකකදී කල්කටා සහ දිල්ලි නගරවලදී මීට පෙරාතුව පැවතිණි.
මේ සඳහා උතුරු පළාත් සභාවෙන් පිටව ගිය තෙවැන කණ්ඩායම මෙය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව දන්නවා මෙයා ගැන...
මෙහෙ උදවිය මෙයා නටන නැටුමට බෙර ගැහැව්වට එහෙ මෙයාට නටන්න, බෙරගහන්න කවුරුවත් නැහැ.
අගමැතිට කිව්වා නං, විමල්ට කළා වගේ සපෝර්ට් එකක් දේවි...
ඉන්දියාව හිතලා ඇති "පළිබෝධ නාශක අනතුරු දායකයි. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න කියලා"...
අපි කැනඩාවට පැමිණිලි කරමු
අපරාදේ මෙයාට යන්න දෙන්නයි තිබුනේ මේ අය රටින් පිට වෙන තරමට තමයි රට යහ පත් වන්නේ අරගල නැතිව .
ගමන් බලපත්‍රයේ වලංගු කාලය ඉදිරි මාස 6 කට අඩුයි නම් වීසා දීම ප්‍රතික්ෂේප කරනවා.