(ටෝනි කරුණානායක)
රිමාන්ඩ් බාරයේ සිටින බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්දීර් ආසිරි රැද්‍රිගු නැමැති සැකකරු පළාත් සභා මාසික රැස්වීම්වලට සහභාගී කරවන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ෆිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (5) නියෝග කළාය.
දිවුලපිටිය හේන්පිටගෙදර දී විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් අතර සිදුවු වෙඩි හුවමාරුවකදී පුද්ගලයකු මිය යාමේ සිද්ධියේ දී එම ස්ථානයේ සිටියදී ගිනි අවි ආඥා පනත යටතේ අත්අඩංගුවට ගෙන මොහු රිමාන්ඩ් ගත කැරිණි.
මන්ත්‍රීවරයා ඇතුළු 8 දෙනා ලබන 13 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසටත් එම නඩු අද (5) යළි කැඳවු අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා නියම කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd