IMG-LOGO

මන්ත්‍රී නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂකවරිය අත්අඩංගුවට


(දීපා අධිකාරි,ප්‍රසාද් මුතුකුඩ)

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්  රාජපක්ෂට එරෙහිව නඩුවක සැකකාරියක වු  ඔනෙලා  ද සිල්වා  අද (10) අලුයම කටුනායක ගුවන් තොටුපලේ දී  අත්අඩංගුවට ගනු ලැබීය.

ලංකාවේ  ඉල්ලීම මත අබුඩාබියෙන් ඊයේ (9) ලංකාවට එවනු  ලැබු  අතර  ආගමන විගමන නිලධාරීන්  ඇය අත්අඩංගුවටගෙන මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසයට  බාර දුන්නේය.

2013 ඔක්තොබර් පළමු වැනිදාත් 2014 අගෝස්තු 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගණුදෙණුවකදී අයුතු ලෙස මුදල් උපයාගැනීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශුද්ධීකරණ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා  එකොළහක්  යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.



අදහස් (15)

මන්ත්‍රී නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂකවරිය අත්අඩංගුවට

palitha Tuesday, 10 October 2017 04:02 AM

අව්ලක් නැහැ හවස් වෙනකොට එලියට එනවා.

:       50       165

ජගත් ලියනගේ Tuesday, 10 October 2017 04:49 AM

යහපාලනය හරියට කරනවද කියල බලන්න හොඳම අවස්ථාව . බන්ධනාගාර රෝහලට දාන්නේ නැතුව, නඩු අහල , ඔක්කෝම කට්ටිය හිරේට දැම්මොත් , යහපාලනය ආයෙමත් පරදනවා බොරු .

:       0       1

nimal Tuesday, 10 October 2017 04:04 AM

එක හොදයි , මේවා හරියට විභාග කෙරෙනවනම් හොදයි.

:       117       320

akalanka Tuesday, 10 October 2017 04:28 AM

හාහ් හාහ් හාඅ මහා බැංකු බිල් පත් වගේ ද ? නැතිනම් ශ්‍රීලන්කන් ගුවන් යානා අවලංගුව සහ එයට වන්දි දෙගුණයක් ගෙවීම වගේ ඒවාද ? රෙජීමයේ ඩු බ යි හෝටල් සංකීර්ණය වගේ එකක්ද? තේරෙන්නේ නැති හින්ද ඇහුවේ .......බුදුසරණ පතමි

:       312       344

salya Tuesday, 10 October 2017 04:23 AM

මෙයා නිල් බලකායෙ ද ?

:       1       136

ABHAYA Tuesday, 10 October 2017 04:25 AM

බන්දනගර රෝහලේ කාන්තා වාට්ටුව සුදානම කරන්න.

:       1       103

Fernandas Tuesday, 10 October 2017 04:32 AM

බන්ධනාගාර රෝහලක් තියනවා අවුලක් නැහැ.

:       0       103

saman Tuesday, 10 October 2017 04:34 AM

දන්නේ නැති නිසා මේ අහන්නේ? අර ආසියාවේ ලොකුම බැංකු මංකොල්ලය ඔය කියන පනතට අදාල නැතිද ?

:       474       513

senaTuesday, 10 October 2017 05:18 AM

අදාළ නිසානේ කට්ටියටම උසාවිවල කරක් ගහන්න සිද්ද වෙලා තියෙන්නේ.

:       0       1

JayampathiTuesday, 10 October 2017 06:29 AM

බැදුම්කර ගනුදෙනුව මංකොල්ලයක් ලෙස සමාජගත වුණාට , එය ඇත්තටම අධික ලාභයක් ලබාගත් නිත්‍යානුකුල ගණුදෙනුවක් , ප්‍රශ්නේ තියෙන්නේ එම සමාගමට අධික ලාභයක් ලබාගැනීමට ඉඩ ප්‍රස්ථාවක් ලබාදීමට නිලධාරීන් සහ දේශපලකයින් අනුබල දීමයි. දැන් ඔවුන් එළිවෙමින් පවතිනවා......නමුත් මේ පසුහිය සිද්ධීන් මහදවල් එළිපිට තම බලය පාවිච්චි කර කඩා වඩා ගත්ත සහ මංකොල්ල කාපු දේවල්.

:       0       0

හන්සයා Tuesday, 10 October 2017 05:02 AM

ලෝකයේ ලොකුම මුදල් වංචා කරලා බේරෙන්න පුළුවන් රට කුමක්ද? ලංකාවේ මහා බැංකුවේ මුදල් හොරකම් කල නොහැකි නම් තායිවාන් වලින් දෙනු ලැබේ. මේ සඳහා උපදෙස් අඩු මිලට විශේෂඥ RK හෝ හංසයාගෙන් ලබා ගත හැක. මහා විශේෂඥ MR සහ රාජපක්ෂ වරු මිල අධික වන අතර හමු වීමට මසකට කලින් බූක් කරන්න. ඉක්මන් හමු වීමට GMOA සහය වනු ඇත.

:       0       0

Thilak Tuesday, 10 October 2017 05:35 AM

බන්දනාගාර රෝහලේ ඇඳ දැනටම සුදානම්ලු

:       0       0

mahee Tuesday, 10 October 2017 05:48 AM

ඩීල් දාස මහත්තය ඉන්නකාලේ නැති කාලේ කියල වෙනසක් නෑ. ඊට ඉහල කට්ටියගේ ඩීල් වලින් ඔක්කොම කවර් වෙලා යනවා. මෙලහකටත් බන්ධනාගාර තරු පහේ රෝහල් කාමරය සුදානම් ඇති.

:       0       0

purawasiya Tuesday, 10 October 2017 06:39 AM

එක එක මෙහෙම ලිහෙද්දී. ඊළඟ ආණ්ඩුවට පුලුවන් මහා බැංකු හොරුන් හිරේ දාන්ඩ. නාමල්ගේ නඩුත් ඉක්මනින් අසා දඬුවම් කරන්ඩ නැතිනම් නිදහස් කරන්ඩ.

:       0       0

samanatha Tuesday, 10 October 2017 06:47 AM

හැබැයි මිලයන 30 වගේම බිලයන ගණන් වෙන ඒවාටත් සැකකරුවන්ව අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 122 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 665 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site