(ජයන්ත සමරකෝන්)
ඩෙංගු මදුරු උවදුර තදින්ම පැතිර යන පෙදෙස් පිරිසිදු කිරීමට සහ රාජ්‍ය ආයතනවල ආරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටි සිවිල් ආරක්ෂක භටයන් 31 දෙනකු ඩෙංගු උණ වැළඳී රෝහල් ගත කර ඇති අතර එක් භටයකු මියගොස් ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.
සුවය ලැබු භට පිරිසක් මේ වනවිට ඔවුන්ගේ සේවා ස්ථානවලට යවා ඇතැයි ද එම දෙපාර්තමේන්තුව කියයි.
මියගොස් ඇත්තේ පොලොන්නරුව බළකා මූලස්ථානයට අයත් කේ.එම්. සංජීව කරුණාමුණි නමැති භටයෙකි.
අනුරාධපුර, පොළොන්නරුව, වැලිඔය, වව්නියාව, කන්තලේ ඇතුළු සිවිල් ආරක්ෂක බළසේනා මූලස්ථාන ගණනාවකින් භටයන් 23,000ක් පමණ මදුරු මර්දන රාජකාරි සඳහා යොදවා සිටින බව සිවිල් ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පළාත් සභා මැතිවරණය තියන්නකෝ !
ලංකාවේ මිනිසුන්ගේ බීමත්කමත් ඩෙංගු වලට එක හේතුවක්. බිව්වට පස්සේ මදුරුවෝ කොච්චර කෑවත් ගණනක් නැහැ.