(සනත් ගමගේ / චන්ද්‍රසේන ගමගේ)
මිද්දෙණිය තලාව පාසල අසලදී මිට සුළු වේලාවකට පෙර (12) සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයෙක් තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව මිද්දෙණිය පොලිසිය කියයි.
තුවාලකරු තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබ ඇති අතර ඔහු එම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.
එක ළඟ පිහිටි නිවෙස් දෙකක බල්ලකු සම්බන්ද ගැටලුවකදි ඇති වූ බහින් බස් විමක් දුර දිග යෑමෙන් මෙම වෙඩි තැබිම සිදු කර ඇති බව වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd